අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුම පාසල් අප්‍රේල් 20 වනදා තෙක් පාසල් නිවාඩු

    මාර්තු 12, 2020

    රට තුළ ඇති වී පවතින කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස දිවයින පුරා සියලුම පාසල් අප්‍රේල් 20 වනදා තෙක් පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (12) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය.

     

    ඒ අනුව හෙට (12) සිට ආරම්භ වනුයේ පළමු පාසල් වාර නිවාඩුව බවත් නියමිත දිනට (අප්‍රේල් 20) දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

    එසේම මෙහිදී රට තුළ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිදු බරපතල තත්ත්වයක් නොමැති බවත් මෙහිදී පාසල් දරුවන් හා දෙමාපියන් තුළ මේ පිළිබඳ යම් අනියත බියක් පවතින බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා කීය.

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා ගත් තීරණය සම්බන්ධයෙන් පෞද්ගලික පාසල් සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන ද විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස ඉල්ලීමක් සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya