අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ඉන්දියාවට ළඟ වෙයි- ඉන්දීය ජනපති,අගමැති අද හමුවෙයි

    පෙබරවාරි 08, 2020

    නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා විය.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව අග්‍රමාත්‍යවරයා මෙම සංචාරය සිදු කර තිබේ.

    එරටට ළඟා වූ අගාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එරට මානව හිමිකම් සංවර්ධන, සන්නිවේදන, විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය දෝර් සංජය ෂර්මා සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයීය කාර්ය මණ්ඩලය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

     ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද පස්වරුවේ එරට ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සමඟ ද ද්වීපාර්ශ්වික සාකච්ඡා අද (8) පැවැත්වීමට නියමිතයි.

    එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සමඟද සාකච්ඡා පවත්වනු ඇත.

    ලබන 11 වනදා දක්වා අග්‍රාමාත්‍යවරයා ඉන්දීය සංචාරයේ නිරත සිටියි. මහින්ද රාජපක්ෂ මහතා නව රජයේ අග්‍රාමාත්‍යධූරයට පත් වූ පසු ඉන්දියාවේ නිල සංචරයකට සහභාගී වන්නේ ප්‍රථවරටයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya