අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඩෙංගු මර්දන සහයක උද්ඝෝෂණකරුවන් හමුවට - රැකියා ලක්ෂය වැඩසටහන යටතේ රැකියා ලබාදීමට පියවර

    පෙබරවාරි 07, 2020

    සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටී ස්ථානයට අද (07) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.

    උද්ඝෝෂණය ජනාධිපති කාර්යාලය ආසන්නයේ ගාලු මුවදොර ක්‍රීඩාංගණය අභියස වෙන් කර තිබු ප්‍රදේශයේ ඊයේ (06) සිට පැවැත්විණි.

    2017 වසරේ සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ තම සේවයට ස්ථාවර භාවයක් ලබාදෙන්නැයි ඕව්හු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. බහුකාර්ය කාර්ය සාධක බලකාය මගින් ලබාදීමට අපේක්ෂිත රැකියා ලක්ෂය යටතේ 1300ක් පමණ වන මේ පිරිසට ද රැකියා සපයන බව ජනාධිපතිතුමා පැවසීය.

    මෙවැනි උද්ඝෝෂණයක් අතරට පැමිණි මෙරට පළමු සහ එකම පාලකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට පූර්ණ සහාය දෙන බව උද්ඝෝෂකයෝ ප්‍රකාශ කළහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya