මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජීවිත අවදානම නොතකා සිසුන් බේරාගත් ශ්‍රී ලංකන් කාර්යමණ්ඩලයට ජනපති ප්‍රසාදය

    පෙබරවාරි 03, 2020

    කොරෝනා වෛරසය පැතිරයෑමේ අවධානමට මුහුණ දී සිටි චීනයේ වුහන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස ආරක්ෂාකරීව ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ මනුෂීය මෙහෙයුමට දායක වූ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රසාදය පල කොට තිබේ.

    ජනාධිපතිතුමාගේ විශේෂ ආරාධනය අනුව ඔවුහු අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමුවිය. එහිදී ඔවුන් සමඟ භෝජන සංග්‍රහකට ද ජනාධිපතිවරයා එක් විය.

    කොරෝනා වෛරසය පැතිරයාම නිසා වසා දැමුණු වුහාන් නගරයට පිවිස එහි සිටි ශ්‍රී ලංකික සිසුන් සිය රටට රැගෙන ඒමට ජීවිත අවදානම නොතකා ස්වෙච්ජාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ලෝකයේ විෂේෂ අවධානයකට ලක් වූ අතර මෙම වීර ක්‍රියාව සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රසාදය ද හිමිවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya