මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ගමට ගෙයක් - රටට හෙටක්” වැඩසටහන ඇරඹේ- දිවයින පුරා නිවාස 14,022 ක් ඉදිවන අතර දිවයිනේ සෑම ගමකම එක් නිවසක්

    පෙබරවාරි 02, 2020

    වත්මන් රජය “ගමට ගෙයක් - රටට හෙටක්” නිවාස 14,022 ඉදිකරන මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු විය.

    මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්කුරුණෑගල, ගිරිබාව, වරාවැව දී  (01) දින පැවැත්විණි. අග්‍රමාත්‍යතුමා අතින් කුරුණෑගල, වරාවැව ගම්මානයේ ඉදිවන නිවස සදහා මුල්ගල තැබීමෙන් අනතුරුව පොල් පැලයක් රෝපණය කෙරිණි. ප්‍රතිලාභී පවුල් සදහා ආධාර මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමද අග්‍රාමාත්‍යතුමා අතින් මෙහිදී සිදු කෙරිණි.

     

    “ගමට ගෙයක් - රටට හෙටක්” වැඩසටහන යටතේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් දිවයින පුරා නිවාස 14,022 ක් ඉදිවන අතර දිවයිනේ සෑම ගමකම එක් නිවසක් බැගින් ඉදිවේ. මෙම වැඩසටහන සදහා රජය වැයකරන මුදල රුපියල් මිලියන 8413.2 කි. දින 60 කදී නිවාස 14,022 ඉදිකර අවසන් කිරීමට කටයුතු කිරීම විශේෂත්වයකි. මෙම වැඩසටහන යටතේ අංග සම්පූර්ණ නිවසක් ඉදිකර ගැනීම සදහා එක් ප්‍රතිලාභී පවුලකට රුපියල් ලක්ෂ 6 ක නැවත අය නොකරන නිවාස අධාර මුදලක් හිමිවේ.

    අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

    මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු, මාර්ග සහ මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන යන මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නිවාස අමාත්‍යාංශයේ හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරී මහත්ම මහත්මීන් සහ ප්‍රදේශ වාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya