අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙබරවාරි මස 01 වන දින සිට පුරා සතියක් ජාතික ධජය ඔසවා තබමින් ශ්‍රී ලංකික ජාතියක් ලෙස අභිමානයෙන් යුතු ව නිදහස සමරන්න - රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ

    ජනවාරි 30, 2020

    වසර 72ක් මාතෘ භුමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් අත්‍යන්තයෙන් කැපවුණු ඉතිහාසය සුරක්ෂිත කරනු වස්, සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් සුවිශේෂී තේමාව මුල් කරගනිමින් 2020 පෙබරවාරි මස 04 වන දින
    72 වන නිදහස් සමරු රාජ්‍ය උළෙල කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී ජනපති අගමැති මැති ඇමතිවරුන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් යුතු ව අභිමානවත් ව පැවැත්වීමට නියමිතයි.

    කැබිනට් තීරණයක් මත අගමැති පෙරටු කොටගත් කමිටුවක් මඟින් සංවිධානය කරමින් මෙම නිදහස් සමරු රාජ්‍ය උළෙල අලංකාරව පැවත් වීමට සියළු කටයුතු සුදානම් කිරීමට කටයුතු කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති ජාතික නිදහස් දින සැමරුමේ කටයුතු පිලිබඳ නිල වශයෙන් දැනුම් දෙනු ලැබූ මාධ්‍ය සාකච්ඡා වේ දී පැවසීය.

    ඒ අනුව, නිවෙස්, වෙළඳ ව්‍යාපාර, රජයේ හා පෞද්ගලික කාර්යයාල සහ රථවාහන වල පෙබරවාරි මස 01 වන දින සිට 07 වන දින දක්වා පුරා සතියක් ජාතික ධජය ඔසවා තබමින් ශ්‍රී ලංකික ජාතියක් ලෙස අභිමානයෙන් යුතු ව මෙම නිදහස සමරන ලෙසත්, රජයේ ගොඩනැඟිලි වල ජාතික ධජය ඔසවා තබමින් සහ පෙබරවාරි 03 සහ 04 දෙදින තුළ රාජ්‍ය ආයතන ගොඩනැඟිලි විදුලි ආලෝකකරණය කරමින් තබන ලෙසත්, ඒ පිලිබඳ ව සියළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට අවශ්‍ය චක්‍රලේඛයක් ද තම අමාත්‍යංශය මඟින් මේ වනකොට නිකුත් කර ඇති බව ද ඒ මහතා මෙහි දී දැනුම් දුන්නේය.

    එමෙන්ම, සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් නැවුම් තේමාව යථාර්තයක් වීම සඳහා අහාර ඖෂධ යන දේශීය ශාක අවශ්‍යතාවය සැපිරීම සඳහා සුරැකි පරිසරයක සුවැති, හිතැති අනාගතයකට නව පියවරක් තැබීම සඳහා රාජ්‍ය නායකත්වය පෙරටු කොටගෙන එළඹෙන පෙබරවාරි 04 වන දින සැමරීමට නියමිත ජාතික නිදහස් දින සැමරුම සැමරීමට එක් වී ඉඩකඩ ඇති පහසු ස්ථානයක පැළයක් රෝපණය කරන ලෙස මෙහි දී සියළු ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙනු ලැබීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya