අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    72 වන අභිමානවත් නිදහස් සැමරුම අදයි

    පෙබරවාරි 04, 2020

    15 වන සියවසේ සිදු වූ යුරෝපීය ජාතීන්ගේ ආක්‍රමණයත් සමඟ වසර 153 ක කාලයක් යුරෝපීය ජාතීන්ගේ පාලනයට නතු ව සිටී අප රට බටහිර යටත්විජිතකරණයෙන් නිල වශයෙන් නිදහස් වන්නේ 1948 පෙබරවාරි 04 අද වන් දිනයක දී ය. සියවස් ගණනාවක් මෙරට රාජ්‍යත්වය කේන්ද්‍ර කර ගනිමින් සුසැඳි පාලන තන්ත්‍රයකින් හෙබි ශ්‍රී ලංකාව බටහිර යටත්විජිතකරණයෙන් පසු දැවැන්ත පරිවර්තනීය වෙනසකට භාජනය වන්නට විය.


    1505 දී පෘතුගීසි දේශාටක ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ පෘතුගීසින් කණ්ඩායමක් පළමු වරට මෙරටට පැමිණියේ මෙරට අභ්‍යන්තර අසමඟිය පවතින කාල වකවානුවක දී ය. මෙම අභ්‍යන්තර අසමගියේ වාසිය තමන් සතු කර ගත් පෘතුගීසින් මෙරට බලය අල්ලා ගැනීමට කටයුතු කළහ. ඉන් අනතුරුව, 1518 දී කොළඹ නගරය මැද බලකොටුවක් තනා මෙරට බලය තහවුරු කර ගන්නා ලදී. පෘතුගීසින් මෙරට මුහුදුකරය පුරා සුක්ෂම ලෙස තම බලය ව්‍යාප්ත කර සිටිය දී යුරෝපයෙන්ම පැමිණි ඕලන්ද ජාතිකයින් විසින් පෘතුගීසින් පරදා 1658 දී තම බලය තහවුරු කර ගැනීමත් සමඟ වසර 138 ක් අප රට පාලනය පෘතුගීසින් සහ ඕලන්ද ජාතිකයින් සතු විය.


    ඉන් අනතුරුව, 1796 දී ඉංග්‍රීසින්ගේ ආගමනයත් සමඟ මෙරට පාලනයට සහ නිදහසට විශාලතම බලපෑම සිදු කරන ලදී. 1815 කන්ද උඩරට සහ සමස්ත ශ්‍රී ලංකාව ම ඉංග්‍රීසින් විසින් යටත් කරගැනීමෙන් අනතුරුව වසර 2357 ක් පැවති ස්වදේශීය රාජ්‍ය
    පාලන තන්ත්‍රය ද මෙරට තුළ මුළුමනින්ම බටහිරකරණයට ලක් විය. 1818 දී මොනරවිල කැප්පෙටිපොළ දිසාවේගේ නායකත්වයෙන් යුතුව ඌව වෙල්ලස්ස කැරැල්ල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහි ව නිදහස වෙනුවෙන් පළමු අරගලය ලෙස ඉතිහාස ගත ව පවතී. ඉන් අනතුරුව බ්‍රිතාන්‍යන් ගෙන් මෙරට නිදහස් කර ගැනීම උදෙසා පැවති නේක විධ අරගලයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාව ස්වාධින රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්විණි. ඉන් අනතුරුව පෙබරවාරි 10 වන දින සැමරීමේ නිල උත්සවය නිදහස් චතුරශ්‍රයේ දී සිදු කරන ලදී.


    2009 වසරේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට නැවත නිදහස ලබා දීමට හැකි වීය. ඒ වසර 30 කට අධික කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය මුළුමනින්ම තුරන් කිරීමෙනි. ඒ අනුව, අප මාතෘභූමිය යටත් විජිතවාදය මෙන්ම ත්‍රස්තවාදය ද පරදවමින් ලබාගත් උත්තරීතර නිදහසේ 72 වන සැමරුම ද අද දිනයේ සිහිපත් කරන්නේ රටක් වශයෙන් වසර ගණනාවක සිදු වූ ජිවිත පරිත්‍යාගයන් පරහිතකාමිත්වයෙන් සිදු කළ සියලු දේශ හිතෛෂින් කෘතවේදී ව සිහි කිරීම මඟිනි.


    කුරිරු ත්‍රස්තවාදය පැරදවීම සඳහා එවකට මෙරට ආරක්ෂක ලේකම්වරයා ව සිට තීරණාත්මක වගකිමක භාරකාරයාව සිටී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් ජනාධිපතිවරණයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් අත් කර ගනිමින් 08 වෙනි නව විධායක ජනාධිපති ලෙස තේරී පත් වීමෙන් පසු පළමු නිදහස් දින සැමරුම් උළෙල නිදහස් චතුරශ්‍රයේ දී අද (04) පැවැත්වීම වඩාත් සුවිශේෂී වන්නකි.
    අභිමානවත් නිදහසක් බිහි වන්නේ අභිමානවත් නායකයකු මඟින් ය යන සත්‍යය පසක් කරමින් නව ජනාධිපතිවරයාගේ “සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක්” සුවිශේෂි තේමාව මුල් කරගනිමින් නිදහස් සැමරුම් උළෙල පැවැත් වේ.

    විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු 2500 කට අධික ආරාධිත අමුත්තන්ට ආරාධනා කර ඇති අතර මහජනතාව දහසකට ද ඉඩ ප්‍රස්ථා වෙන් කොට ඇති අතර මෙම නිදහස් දින සමරු උළෙලේ ආචාර පෙළපාලිය සඳහා අණදෙන නිළධාරියා වශයෙන් මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතා කටයුතු කරන අතර, දෙවන අණදෙන නිළධාරියා ලෙස බස්නාහිර ආරක්ෂක සේනා අධිපති හරේන්ද්‍ර රණසිංහ මහතා කටයුතු කරනු ලබයි.

    නිදහස සැමරුම් උළෙල චාම් මෙන්ම අලංකාරවත් ව සැමරීම උදෙසා ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාවේ භට පිරිස් වශයෙන් යුධ හමුදා භට පිරිස් 3,376 ක්, නාවික හමුදා භට පිරිස් 799 ක්, ගුවන් හමුදා භට පිරිස් 847 ක්, පොලිසිය 596 ක්, විශේෂ කාර්යය බළකායේ භට පිරිස් 327 ක්, සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තුවෙන් 385 ක්, ශිෂ්‍ය භට බළකායෙන් 252 ක් සහ සංස්කෘතික කණ්ඩායම වල පිරිස් 475 ක් මූලික වශයෙන් 7,267 ක් සහභාගී වන අතර යුධ, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාවට අයත් සහ පොලිස් හා විශේෂ කාර්යය බළකායට අයත් රථවාහන, සන්නද්ධ රථ, සමඟ ත්‍රිවිධ හමුදාවට අවේණික රථ සහ සියලුම වාහන සහ අවි සමඟ ගමන් කරන රථවාහන ගමන් කරනු ලැබේ.

    නිදහස් දිනයට සමගාමී ව නිවෙස්, වෙළඳ ව්‍යාපාර, රජයේ හා පෞද්ගලික කාර්යයාල සහ රථවාහන වල පෙබරවාරි මස 01 වන දින සිට 07 වන දින දක්වා පුරා සතියක් ජාතික ධජය ඔසවා තබමින් ශ්‍රී ලංකික ජාතියක් ලෙස අභිමානයෙන් යුතු ව මෙම නිදහස සමරන අද දින තුළ සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් නැවුම් තේමාව යථාර්තයක් කිරීම සඳහා අහාර සහ ඖෂධ යන දේශීය ශාක අවශ්‍යතාවය සැපිරීම සඳහා සුරැකි පරිසරයක සුවැති, හිතැති අනාගතයකට නව පියවරක් තැබීම සඳහා ජාතික නිදහස් දින සැමරුම සැමරීමට එක් වී ඉඩකඩ ඇති පහසු ස්ථානයක පැළයක් රෝපණය කිරීම ද සුවිශේෂී වේ.

    විනයක් සහිත සංවර්ධනයක් වෙනුවෙන් වෙහෙසෙන මිනිසෙක් මෙරට නායකත්වයට පත්වීම අරඹයා මෙරට ඊළඟ අරමුණ වන දිළිඳුකම පිටුදකිමින් සෞභාග්‍ය කරා යාම වූ ගමනේ දී ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට, නීතියේ ආධිපත්‍යයට ගරු කරන, සමාජ
    සාධාරණත්වය සුරකින, දුෂණයෙන් වංචාවෙන් තොර, සැබෑ ජනතා සේවයට කැපවුණු, වෘත්තිමය හා කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් යළිත් මේ රටේ ස්ථාපිත කරන්නටත්, 21 වන ශතවර්ෂයේ අභියෝගයන්ට මුහුණ දීමට මෙරට ජනතාව සුදානම් කිරීම සඳහා අපේ රටේ සෑම ක්‍ෂේත්‍රයකම නව තාක්ෂණයේ භාවිතාව පුළුල් කිරීමටත්, සමස්ත ජිවන රටාව තුළ ගුණගරුක බව නීති ගරුක බව හා විනයගරුක බව රකින සමාජයක් ඇති කිරීමට කටයුතු කිරීමත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබේ.

    දිනූ දේශය වඩාත් අර්ථාන්විත කර ගැනීම සඳහා නේක අභියෝගයන් හමුවේ නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව නායකත්වය ගෙන කටයුතු කරන වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට රටක් වශයෙන් එක්සත්ව එක්සිත්ව යුතුකම් ඉටු කළ යුතු මොහොත එළැඹ තිබේ. මෙකී යුතුකම ඔස්සේ සෞභාග්‍යයේ දේශයක් වෙනුවෙන් ජාතියක් ලෙස කැප වීම අවශ්‍ය වේ.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya