මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආරක්ෂාව සුරැකීම රජයේ මූලික වගකීමක්-අපට තිබෙන්නේ,ජාතියක් ලෙස එකට එක් වී මේරට ගොඩ නැඟීමේ වගකීමයි-ජනපති ගෝඨාභය රාජපක්ෂ Featured

    නොවැම්බර් 18, 2019

    ජාතික ආරක්ෂාව සුරකීම රජයේ මූලික වගකීමක්. සුරක්ෂිත රටක් කිරීමට රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කරනවා. මගේ රටට ආදරය කරනවා. රට ගැන දැක්මක් තිබෙනවා .අපට තිබෙන්නේ, ජාතියක් ලෙස එකට එක් වී මේ රට ගොඩ නැඟීමේ වගකීමයි යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    ජනාධිපතිවරයා සිය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් මෙසේ පැවසීය.

    ජනාධිපති මැතිවරණ ජයග්‍රහනයේ ප්‍රධාන සාධකය අතිගරු මහා සංඝරත්නයේ ආශිර්වාදයයි. බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට  ඇප කැප වෙනවා. තමාගේ ජයග්‍රහනයට සහයෝගය දැක් වූ සෑමට ස්තූතිය පුද කරනවා.අපට තිබෙන්නේ, ජාතියක් ලෙස එකට එක් වී මේ රට ගොඩ නැඟීමේ වගකීමයි.ප්‍රතිපත්ති ප්‍රකාශය මාගේ කාලය තුළ ක්‍රියාත්මක කරනවා. ජාතික ආරක්ෂාව සුරකීම රජයේ මූලික වගකීමක්. සුරක්ෂිත රටක් කිරීමට රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කරනවා.වෘත්තීය හා කාර්යක්ෂම රාජ්‍ය යන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරනවා. දූෂණය මුලිනුපුටා දමනවා. කුසළතා වර්ධනයට ප්‍රමුඛතාව ලබදෙනවා. රටේ සෑම ක්ෂේත්‍රයටම නව තාක්ෂණය පුළුල් කරනවා. නීති ගරුක බව විනය ගරුක බව රකින රටක් ගොඩ නැඟීමට සැමගේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. සෑම දෙනාගේම පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. විශාල වැඩකොටසක් කෙටි කලක් තුළ ඉටු කිරීමට තිබෙනව.මගේ රටට ආදරය කරනවා. රට ගැන දැක්මක් තිබෙනවා යැයි පැවසීය.

     

     වැඩිදුර සවිස්තර වාර්තා පසුව බලාපොරොත්තු වන්න

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya