අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඉදිරියේ දී නව අගමැති ධූරයේ දිවුරුම් දෙයි

    නොවැම්බර් 21, 2019

     විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

    මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරය ලෙස පත් වන්නේ තෙවැනි වරටය. ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේ ය. තිස්වසරක යුද්ධය නිම කිරීමට නායකත්වය ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ අතර එවකට මහින්ද රාජපක්ෂ රජය විසින් දැවැන්ත සංවර්ධන යෝජනා රැසක් ක්‍රියාත්මක කළේ ය.

    දිවුරුම් දීමේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya