අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ තේරීපත් වූ නව ජනාධිපතිවරයාට ඉන්දීය අගමැති සුබ පතයි

    නොවැම්බර් 18, 2019

    ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින් 2019 ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය සුබ පැතුම් එක්කර තිබේ.

    සිය ට්විටර් ගිණුම වෙත පණිවුඩයක් යොමු කරමින් මෙලෙස ඉන්දීය අග්‍රාමත්‍යවරයා සුබ පැතුම් එක්කර ඇත.

    ඉන්දීය අගමැතිවරයා කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම දෙරට අතර සබඳතා තරකර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සමීපව කටයුතු කරන බවද ප්‍රකාශ කර තිබේ.

    ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සතුටට පත්වන බවද අපගේ රටවල් දෙක සහ පුරවැසියන් අතර සමීප හා සහෝදර සබඳතා ගැඹුරු කිරීම සහ සාමය, සමෘද්ධිය මෙන්ම අපගේ කලාපයේ ආරක්ෂාව සඳහා සමීපව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බවද පෙන්වා දී ඇත.

    මැතිවරණය සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාවට සුබ පතන බවද හෙතෙම ප්‍රකාශකර තිබේ.

    narendra modhi

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya