අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගෙන් නව ජනපතිට උණුසුම් සුබ පැතුම්

    නොවැම්බර් 18, 2019

    2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.

    ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ දින ජනාධිපති ධුරයේ රාජකාරී අවසන් කළ අතර, එහි දී ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශයේ දී ද තේරි පත්වන නව ජනාධිපතිවරයා වෙනුවෙන් සිය සුබපැතුම් පළ කරමින් ඔහුගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.

    මේ අතර ජනාධිපතිතුමා එහි දී පෙන්වා දුන්නේ එම සියලුදෙනා හා එක්ව තම උතුම් මාතෘභූමිය සහ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන් යුතුව තමා විසින් ඉටු කළ වගකීම් හෙට දිනයේ ද ඉටුකිරීම අධිෂ්ඨානය බවයි.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya