අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථමවරට ජනාධිපතිවරණයේ නිලඡන්ද ප්‍රතිඵල අන්තර්ජාලය හරහා- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සූදානම්- පිවිසෙන්න රජයේ නිලපුවත් වෙබ් අඩවියට Featured

    නොවැම්බර් 15, 2019

    ප්‍රථමවරට ජනාධිපතිවරණයේ නිලඡන්ද ප්‍රතිඵල අන්තර්ජාලය හරහා ෆේස් බුක් සමාජ මාධ්‍යයට සහ යූ ටියුබ් මඟින් නිකුත් කිරීමේ සජීවි මාධ්‍ය මෙහෙයුම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙවර ක්‍රියාත්මක කර තිබේ.

    ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ (www.news.lk) රජයේ නිල පුවත් වෙබ් අඩවිය නිල ඡන්ද ප්‍රතිඵල  විකාශය වෙනුවෙන් සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. ජනධිපතිවරණයට අදාළ නිල ඡන්ද විකාශනයේ  ප්‍රමුඛයා වන්නේ ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ රජයේ නිලපුවත් වෙබ් අඩවියයයි.

    ඒ අනුව ජනාධිපතිවරණය සම්බන්ධ සියලු පුවත් සහ නිලඡන්ද ප්‍රතිඵල එසැනින් රජයේ නිලපුවත් වෙබ් අඩවිය මඟින්  ලබා ගැනීමට හැකියාව ඇත. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩපිළිවෙල  ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව ජනාධිපතිවරනයට අදාළ නිලඡන්ද ප්‍රතිඵල පිළිබඳ සජීවී අන්තර්ජාල විකාශනය ප.ව.6.00 සිට ආරම්භ  වෙයි. එම විකාශනය රජයේ නිලපුවත් වෙබ් අඩවිය (www.news.lk) ඔස්සේ ද, රජයේ නිලපුවත් වෙබ් අඩවියේ  Facebook (news.lk)අඩවිය ඔස්සේ ද යූ ටියුබ් චැනලය youtube (news.lk) ඔස්සේ ද නැරඹිය හැක. මෙහි නිෂ්පාදන  දායකත්වය ලබාදෙන්නේ රජයේ චිත්‍රපට අංශය (GFU) මඟිනි.

    පසුගිය දා (13) එහි සූදානම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ගේ  නිරීක්ෂණයට ද ලක් විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya