අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජන සෙවණ" යටතේ තවත් කැපකරු නිවසක්

    අප්‍රේල් 01, 2014
    “ජන සෙවණ කැපකරු” නිවාස වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී තවත් අසරණ පවුලක් වෙත රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් නව නිවසක් නොමිලේ ලබාදීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශාලාව පාර, මිරිහාන, නුගේගොඩ ප්‍රදේශයේදී සිදු කෙරිණ. 
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “ජන සෙවණ” නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමඟාමීව මෙම නව නිවස නොමිලේ ලබාදෙන ලද්දේ අංක 154/6 ශාලාව පාර, මිරිහාන, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. ගාමිණි ජයනන්ද මහතාගේ පවුලේ සමාජිකයන් වෙතය.
     
    මෙම නව නිවස හිමිවීමට පෙර මෙම පවුලේ සමාජිකයන් පදිංචිව සිටියේ ඉතා කුඩා නිවසක වන අතර එම නිවසේ පවුල් 3ක පිරිසක් ජීවත්වුයේ ඉතා අසීරුවෙනී. මෙම පවුලේ සාමාජිකයන් පත් ව සිටි දුෂ්කරතාව පිළිබඳව අවධානය යොමු කළ විමල් වීරවංශ අමාත්‍යවරයා නව නිවස මෙම පවුල වෙත ලබාදීමට තීරණය කළේය. මාස 3, අවුරුදු 7, 11, 14 යන වයස් කාණ්ඩවල පසුවන දරුවන් සිව් දෙනෙකුගෙන් මෙම පවුල සමන්විත වේ.    
     
    මෙහිදි නව නිවස ලැබීමෙන් අනතුරු අදහස් දැක්වු ඩී.එම්. ගාමිණි ජයනන්ද මහතා කියා සිටියේ ස්ථිර රැකියාවක් නොමැතිව දරුවන් සිව් දෙනෙකු  සමග තමන් හා බිරිඳ විවිධ සමාජයීය හා ආර්ථික දුෂ්කරතාවන්ට පත් වු බවත් ස්ථිර නිවසක් ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ අමාත්‍යතුමාට හා නිලධාරීන්ට ස්තූතිවන්ත වන බවත්ය.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන ජන සෙවණ නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ මෙම නිවස ඉදිකර ඇත. ජනසෙවණ කැපකරු නිවාස වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කිසිදු ආකාරයකින් නිවසක් ඉදිකර ගැනීමට නොහැකි, කිසිදු වත්කමක් නොමැති දිවයිනේ අසරණ පවුල් වෙනුවෙනි. රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් මෙම කැපකරු නිවස ඉදිකරන ලද්දේ රජයට අනුබද්ධ ඕෂන් විව් ඩිවලප්මන්ට් ආයතනය විසිනි.
     
    මෙම අවස්ථාවට මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී තිලක් වීරසිංහ, විමල් වීරවංශ අමාත්‍යතුමාගේ මහරගම ආසනයේ සම්බන්ධීකරණ ලේකම් දුලිප් රණසිංහ, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හා  ඕෂන් විව් ඩිවලප්මන්ට් ආයනයේ සභාපති ජගත් කුමාර පෙරේරා, එහි සමාන්‍යාධිකාරි ඩී.එම්.එන්.වී.බී. දිසාවේ යන මහත්වරුන්, නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසිහු විශාල පිරිසක් සහභාගි වුහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya