මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිසි කලට වැසි පතා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පැන් පූජා කෙරේ Featured

    අප්‍රේල් 01, 2014

    රටේ පවතින වියළි කාලගුණය පහව ගොස් නිසි කලට වර්ෂාව අපේක්ෂාවෙන් ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව සිදුකරන පැන් පූජා මහෝත්සවය පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.


    ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගෙන් රැගෙන ආ පැන් කළ 12ක් රුවන්වැලි සෑ රඳුන් වටා පැදකුණු කිරීමෙන් පසු අමාත්‍යතුමිය විසින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පිළිගන්වන ලදී.

    මේ අවස්ථාවේදී ජය ශ්‍රී මහා බෝ මළුවේ නෙළුම් මල් අතුරා, එම පරිශ්‍රයේ සිට රුවන්වැලි සෑය දක්වා මඟ දෙපස පහන් 4000ක් දල්වනු ලැබීය. මීට සමගාමීව ඊයේ (31) අලුයම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස, සතර වාහල්කඩ කිරි ඉතිරවීම සිදුකළ අතර දහවල් මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක්ද පැවැත්විණි.


    අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේ සහ රුවන්වැලි සෑ අධිපති පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් මේ පූජා උත්සවය පැවැත්විණි.

    මෙම අවස්ථාවට වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්.බී. ඒකනායක, සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල, සාමාන්‍යාධිකාරි ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු, ක්‍රියාකාරී අධ්‍යක්ෂ දීප්ති කුලරත්න, අතිරේක සාමාන්‍යාධිකාරි එම්.සී. වික්‍රමසේකර, උතුරුමැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියසිරි ගුණසිංහ යන මහත්වරුන් ඇතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේත් ‍ජ්‍යේෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya