අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 03 Featured

    අප්‍රේල් 01, 2014

    අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙත වාර්ෂිකව පවත්වනු ලබන අලුත් සහල් මංගලෝත්සවය ලබන අප්‍රේල් 03 වනදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    මෙවර එය පැවැත්වෙන්නේ  47 වන වරටය. ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ඊයේ (31) වනදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  පැවැත්විණි.

    අප්‍රේල් 2 වන දින උදෑසන සතර වාහල්කඩ කිරි ඉතිරීම, ශබ්ද පූජා පැවැත්වීම ආදිය සිදුකර පසු දින අලුයම කිරි ආහාර පුජා පැවැත්වීම මෙම මංගල්‍යයේ  චාරිත්‍ර  වශයෙන් සිදු ‍කරයි. ඉන් අනතුරුව එදින උදෑසන මහ පෙරහැරකින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලට රැගෙන යන අලුත් සහල්වලින් පාත්‍ර පිරිවීම සිදු කෙරේ.

     

    මෙවර ප්‍රධාන පාත්‍රය පිරිවීම සිදුකරන්නේ කාබනික පොහොර පමණක් යොදා වගාකළ වීවලින් ලබාගත් සහලින් වීම විශේෂත්වයකි.අති උත්කර්ෂවත් අන්දමින් සිදුකරන මෙම සාම්ප්‍රදායික උත්සවය, සංස්කෘතිකාංග රැසකින් ද වර්ණවත් වේ. උත්සවයේ ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නේ පළාත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවයි. දිස්ත්‍රික්කයේ  සියලු ම රාජ්‍ය ආයතනවල සහය සහිතව මෙම උත්සවය පවත්වන බව  එම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් ආර්.එම්.ජී. සේනාරත්න මහතා පැවසීය.

     

    ECB/SB dmu_anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya