අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිතුල් ප‍්‍රවර්ධන හා පරිභෝජන සතිය අද සිට

    අප්‍රේල් 01, 2014
     
    අප්‍රේල් පළමු සතිය කිතුල් ප්‍රවර්ධන හා පරිභෝජන සතිය ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
     
    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ සංකල්පයක් මත කිතුල් කර්මාන්තයේ සංවර්ධනය උදෙසා කිතුල් ප්‍රවර්ධන පරිභෝජන සතියක් ප්‍රකාශයට පත් කිරීම ඇතුළුව යෝජනා කිහිපයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පිණිස ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජය මේ තීරණය ගෙන ඇත.
     
    මේ අනුව පැණිරස කාරක සඳහා ආදේශකයක් ලෙස කිතුල් නිෂ්පාදන යොදා ගැනීම දැනුවත් කිරීම, නිල රැස්වීම්වලදී කිතුල් හකුරු සහ තේ පැන් පිළිගැන්වීම, කිතුල් සතියේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගීන් හා සංචාරකයන්ට කිතුල් ආශ්‍රිත ආහාර පිළිගැන්වීම, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් මඟින් කිතුල් මිශ්‍ර ආහාර සෞඛ්‍යාරක්ෂිත බවට දැනුවත් කිරීම ආදිය සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya