අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්තු උද්ධමනය 5.7 දක්වා පහළට

    අප්‍රේල් 01, 2014

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගික මිලදර්ශකය (2006/2007=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය වාර්ෂික සාමාන්‍ය පදනම මත, 2014 පෙබරවාරි මස පැවති සියයට 6.0හි සිට 2014 මාර්තු මාසයේදී සියයට 5.7 දක්වා තවදුරටත් පහළ ගියේය.

     

    මෙම පහළයාමේ උපනතිය 2013 ජූනි මාසයේ සිට අඛණ්ඩව දක්නට ලැබිණි. මේ අතර 2013 මාර්තු මාසයේදී ලක්ෂ්‍යමය පදනම මත උද්ධමනය පූර්ව මාසයේ වාර්තා කළ අනුපාතය වූ සියයට 4.2හිම නොවෙනස්ව පවතී.

     

    ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමයන්හි මිල ගණන් සුළු වශයෙන් ඉහළ යාම 2014 මාර්තු මාසයේදී උද්ධමනය පහළ මට්ටමක පැවතීමට ප්‍රධාන වශයෙන් හේතුවිය. නිවාස, විදුලිය, ජලය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තුව, ප්‍රවාහන හා සන්නිවේදනය යන උපකාණ්ඩයන්හි මිල ගණන් මාසය තුළ නොවෙනස්ව පැවතුණි.

     

    කෙසේ වුවද විවිධ භාණ්ඩ හා සේවාවන් (සියයට (0.8), රෙදිපිළි හා පාවහන් සියයට (0.1), සෞඛ්‍ය සියයට (0.1) විනෝදාත්මක හා සංස්කෘතික සියයට (0.1) සහ අධ්‍යාපන සියයට (0.1)  යන උප කාණ්ඩයන්හි මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගියේය.

     

    පෙර මාසයට සාපේක්ෂව 2014 මාර්තු මාසයේදී සියයට 0.1කින් පමණ ඉහළ නැඟුණ ආහාර හා මධ්‍යසාර නොවන පානවර්ග අයත්, උප කාණ්ඩය කො.පා.මි. දර්ශකයේ සියයට 0.1ක් වූ මාසික ඉහළ යාම සඳහා ප්‍රධාන දායකයා විය.

     

    ආහාර කාණ්ඩය තුළ රතු ලූනු, ලොකු ලූනු, අර්තාපල් බොහෝ එළවළු වර්ග සහ නැවුම් මත්ස්‍ය වර්ගවල මිල ගණන්හි පහළ යාමක් වාර්තා විය. කෙසේ වුවද කිරිපිටි, තේ, බිත්තර, චීස්, බටර්, මාගරින්, සමහර පලතුරු වර්ග සහ අමුමිරිස්, ආදියෙහි මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා විය.

     

    ඉල්ලුමෙන් හටගන්නා උද්ධමනකාරී පීඩනයන් ඉතා හොඳින් පාලනය වී ඇති බව පිළිබිඹු කරමින් 2013 ජූනි මස සිට තීව්‍ර ලෙස අඩුවෙමින් පවතින වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය පූර්ව මාසයේ පැවති සියයට 3.8 හි සිට 2014 මාර්තු මාසයේදී සියයට 3.5ක් දක්වා ළඟා විය. ලක්ෂ්‍යමය මූලික උද්ධමනය 2014 පෙබරවාරි මස වාර්තා කළ සියයට 3.1හි සිට සියයට 3.4 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya