අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුදු සමයේ හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය

    අප්‍රේල් 01, 2014

    සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමයේදී හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට අවශ්‍ය සියලු ම අත්‍යාවශ්‍ය ආහාර වර්ග ලබාදීම සඳහා රජය ආහාර හා සමුපකාර අමාත්‍යංශය හරහා කටයුතු යොදා තිබේ.


    මේ යටතේ ලක් ස.තො.ස. වෙ‍ළඳසල් 300ක් පමණ පාරිභෝගිකයන් වෙනුවෙන් සහන මිලට භාණ්ඩ මිලදී ගැනීමට විවෘත කර ඇත.සහල්, පිටි, සීනි, කරවල, හාල් මැස්සන්, පරිප්පු, මුං ඇට, වියළි මිරිස්, අල, ටින් මාලු, ආදිය පමණක් නොව කුකුල් මස්, බිත්තර ආදියද හිඟයකින් තොරව මෙම ස.තො.ස වෙළඳසල්වලින් ලබාගත හැකි වෙයි.

    ඇතැම් වෙළඳුන් උත්සව සමයේදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කිරීමේ අරමුණින් කෘතීමව හිඟයක් ඇති කිරීමට භාණ්ඩ සැඟවීමට ඉඩ ඇති බැවින් කිසිම ආකාරයකින් එවැනි තත්ත්වයක් ඇති කිරීමට ඉඩ නොතබන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.


    මේ වනවිට වෙළඳපොළේ පෞද්ගලික තොග වෙළෙඳ මධ්‍යස්ථානවල පවා හිඟයකින් තොරව භාණ්ඩ මිලදී ගැනීමට භාණ්ඩ තිබෙන බව අමාත්‍යංශය පවසයි.අනවශ්‍ය ලෙස මිල වැඩි කිරීම, කල්ඉකුත් වූ නරක් වූ ආහාර ද්‍රව්‍ය අලෙවිය, ආහාර වර්ග අපිරිසිදුව අලෙවි කිරීම ඇතුළු වෙළෙඳුන් පාරිභෝගිකයා ගසා කන කිසිදු ආකාරයේ කූඨ වෙළඳාමක් සිදු කිරීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya