මෙම සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන දෙවන වාරය මෙයයි. 2011 දී ද පළමුවරට මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වුණි. මෙවර සැසිවාරයේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වේ.
ඉන්දියානු සාගර ටූනා කොමිසම අන්තර් රාජ්‍ය සංවිධානයක් වන අතර එය ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 14 වැනි වගන්තිය යටතේ 1980 දී පිහිටුවන ලද්දකි. මෙම සංවිධානය මඟින් සිදු කෙරෙනුයේ ඉන්දියානු සාගරයේ පවතින ටූනා වර්ගයේ මත්ස්‍ය සම්පත කළමනාකරණය කරමින් ආරක්‍ෂා කිරීමයි. මෙවර සැසිවාරය සඳහා සාමාජික රටවල් 31 ක විදේශීය නියෝජිතයින් 250 ක් පමණ සහභාගි වීමට නියමිතය.
ඉන්දියානු සාගරය ආශ‍්‍රිතව මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ඕස්ටේ‍්‍රලියාව, බෙලීස්, චීනය, කොමොරොස්, එත‍්‍රියාව, යුරෝපීය ප‍්‍රජාව, ප‍්‍රංශය, ගුන්යාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ජපානය, කෙන්යාව, කොරියාව, මැඩගස්කරය, මැලේසියාව, මාලදිවයින, මොරිසස්, මොසැම්බික්, ඕමානය, පාකිස්ථානය, පිලිපීනය, සීෂෙල්ස්, සියොරා ලියොන්, සුඩානය, ශ‍්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් රාජධානිය, සහ යේමනය ඉන්දියානු සාගර ටූනා කොමිසමේ සාමාජිකයන් වන අතර ෂෙනගල්, දකුණු අප‍්‍රිකාව සහ උරුගුවේ රාජ්‍යයන්ට ද මෙහි ඡන්ද බලය හිමිව තිබේ.
ඉන්දියානු සාගර ටුනා කොමිසමේ උපදේශක කමිටුවේ උප සභාපති ධූරයද දරන ශ‍්‍රී ලංකාව මෙහි ආරම්භක සාමාජිකයෙකි. ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ ප‍්‍රගතිය නිසාම දෙවන වරටත් මෙහි සැසිවාරයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකාව තෝරාගෙන තිබේ.
70 දශකයේ සිට කාර්මික ධීවර යාත‍්‍රා කටයුතුවල සීඝ‍්‍ර සංවර්ධනයක් ඇති විය. මේ නිසා ටූනා මත්ස්‍ය සම්පත් වෙත විශාල පීඩනයක් ඇති වූ අතර මත්ස්‍ය තොග විද්‍යානුකූලව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව මේ නිසා පැන නැගුණි. මේ නිසා ඉන්දියානු සාගර මත්ස්‍ය සම්පත් කළමනාකරණය සඳහා විද්‍යාත්මක පදනමක් සකස් කිරීමට 1980 මැද භාගයේදී කොළඹදී IOTC ආයතනය පිහිටුවන ලැබීය. පසුව එය 1996 දී FAO ව්‍යාපෘතියක් ලෙස සීපෙල්ස්හීදී පිහිටුවන ලදි. මෙහි සමස්ත සාමාජික රාජ්‍යයන් සංඛ්‍යාව 31 කි. ඉන්දියානු සාගර ටූනා කොමිසම සහ අපේ රට අතර පැවති සබඳතාවය කලක් දුරස්ථ වී තිබුණත් ධීවර අමාත්‍ය ධූරයට පත් වූ වෛද්‍ය රාජිත සේනාරත්න මහතා 2010 දී බි‍්‍රස්බෙන් නුවර පැවති වාර්ෂික IOTC සමුළුවේදී කරන ලද කතාවත් සමඟ යළිත් ශ‍්‍රී ලංකාව සක‍්‍රීය සාමාජිකයෙකු බවට පත් විය. මේ නිසා අපේ රටට එදා පැවති අවාසි සහගත තත්ත්වය දුරු කරලීමට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පැවසීය.
NDH