අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සහසක් නිමැවුම්" ජයග්‍රාහීන්ට සම්මාන ප්‍රදානෝත්සවය අද

    අප්‍රේල් 01, 2014

    "සහසක් නිමැවුම්" ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනයේ ජයග්‍රාහී සිසු නව නිපැයුම් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවය අද (01) පස්වරු 2.00ට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.


    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන "සහසක් නිමැවුම්" ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය පසුගිය වර්ෂයේදී ද පැවැත්විණි. එහි ජයග්‍රාහී නව නිපැයුම්කරුවන් සඳහා ත්‍යාග, සහතිකපත්‍ර හා කුසලාන ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරේ.

    ප්‍රධාන තාක්ෂණික ක්ෂේත්‍ර 12ක් යටතේ නව නිර්මාණ තරගාවලිය පැවැත්විණි. මෙවර ප්‍රදර්ශනයේදී පාසල් අංශය නියෝජනය කරමින් ඉදිරිපත් වූ නිර්මාණ 223ක් අතුරින් විශේෂිත විනිසුරු මඬුල්ලකගේ අධීක්ෂණය යටතේ සිසු දරුවන් 95 දෙනෙකු ජයග්‍රහණය සඳහා හිමිකම් ලබා ගෙන ඇත. ඒ යටතේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන 30ක් ද කුසලතා සම්මාන 40ක් ද ප්‍රදානය කරනු ඇත.

    මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද සහභාගීවීමට නියමිත තිබේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya