අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයක්

    මාර්තු 31, 2014

    මැතිවරණ ප්‍රතිඵලවලින් එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ජයක් ලැබූ බව සෞඛ්‍ය අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසයි.


    මෙම පළාත් සභා ඡන්ද විමසුම ආරම්භයේ සිට අවසානය දක්වා නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද විමසුමකි. එක්සත් ජාතික පක්ෂය බලයේ සිටි කාලයේ මැතිවරණ පැවැත්වූ ආකාරය හා එකල පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා දෙස බැලූ ජනාධිපතිතුමාගේ රජය කාලයේ මේ පැවැත්වූ මැතිවරණය ගැන සතුටු විය යුතුයි. මැතිවරණ ප්‍රතිඵල දෙස බලා විරුද්ධ පක්ෂ ප්‍රතිවාදීහු පසුගිය මැතිවරණ හා සන්සන්දනය කරමින් අපේ ඡන්ද අඩුවීමක් මන්ත්‍රී ආසන අඩුවීමක් ගැන කතා කරති. මැතිවරණ ප්‍රතිඵල යනු පැවති මැතිවරණයේ ප්‍රතිඵලයි. බස්නාහිර හා දකුණේ ස්ථිර පැහැදිලි බලයක් ලැබී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.


    මැතිවරණ ප්‍රතිඵල සන්සන්දනය කිරීමේදී පවතින දේශපාලන තත්ත්වය සහ රටේ ජනමතය සමඟ එය සන්සන්දනය කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂෂයට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබී නැහැ. මාධ්‍යවල කරන දේශපාලන විග්‍රහ පිළිගත නොහැකියි. ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ඇත. විරුද්ධ පක්ෂයට ජනතාවගෙන් පැහැදිලි සහතිකයක් ලැබී නැහැ. සන්ධානයට පැහැදිලි ජයක් ලැබී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya