අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ඉහළ පෙළේ ප්‍රංශ සංචාරක කණ්ඩායම් ආකර්ෂණය දිනාගනී Featured

    මාර්තු 31, 2014
    ප්‍රධාන වශයෙන් ව්‍යාපාර හා ආයෝජන අරමුණින් ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන මයිස් (MICE - රැස්වීම්, දිරිගැන්වීම්, සුළු හා ප්‍රදර්ශන සඳහා) සංචාරක කොට්ඨාසයේ සංචාරකයන්ගේ ඉල්ලුම පැහැදිලි ලෙස වැඩි වී තිබේ.  මයිස් කොට්ඨාසය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය හා ආර්ථික සංවර්ධනය සඳහා වන ප්‍රධාන ප්‍රේරකයක් ලෙස හඳුනාගෙන ඇත. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා යුරෝපයේ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ආසියාවේ ආශ්චර්යය නම් ප්‍රවර්ධන ව්‍යාපාරය යටතේ මෑත අතීතයේ දී ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයන් වෙත ඉහළ පෙළේ සංචාරක කණ්ඩායම් පැමිණ තිබේ. මෑත ම කණ්ඩායමක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක නියෝජිතායතනයක් වන කොනෙයිසන්ස් ඩි සිලෝන් වෙත ප්‍රංශයේ ටෝවුලෝස් වෙතින් 130ක කණ්ඩායමක් පැමිණ ඇත.
     
    ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සොයා පැමිණෙන විවිධ කොට්ඨාසවලට අයත් ඉහළ පෙළ සංචාරකයෝ මේ කණ්ඩායමට අයත් වෙති. රටෙහි යටිතල පහසුකම්වල විශේෂයෙන් අභ්‍යන්තර ගුවන් ගමන්වල සිදු ව ඇති දියුණුව හේතුවෙන් මේ කණ්ඩායම එම්අයි 17 හෙලිකොප්ටර  භාවිතයෙන් වන හෙලිකොප්ටර සංචාර ලබාගත්හ.
     
    හෙලිකොප්ටර 06ක් මඟින් මේ කණ්ඩායම මහනුවර සිට දකුණු පළාත දක්වා සිරි නැරැඹුම් චාරිකාවක රැගෙන යනු ලැබිණ. හෙලිටුවර්ස් පුද්ගලික සමාගම සංචාරක ගමන් සඳහා අති නවීකරණය කරන ලද නවතම හෙලිකොප්ටර සමූහය මෑතක දී එළිදැක්වී ය.
     
    අහසේ සිට ශ්‍රී ලංකාවේ සිරි නැරැඹීමේ නැවුම් අත්දැකීම මඟින් සංචාරක කණ්ඩායම විශ්මයට පත් විය. හෙලිකොප්ටර ගමනින් තමා අත් වින්දා වූ දෙය වැනි ඉහළ පෙළේ සංචාරකයන් සඳහා වන ශ්‍රී ලංකාවේ මෑත කාලීන දියුණුව ඔවුන්ගේ පැසැසුමට ලක් විය. කොනෙයිසන්ස් ඩි සිලෝන් සමාගමේ සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ මහතා මේ ප්‍රංශ කණ්ඩායම වෙත ලබාදුන් අත්දැකීම සංවිධානය කිරීමේ දී හා මුලපිරීමේ දී වැදගත් භූමිකාවක් රඟ දැක්වී ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya