අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද පදනමේ වෙනසක් සිදු ව නැහැ Featured

    මාර්තු 31, 2014

    පළාත් සභා ඡන්ද විමසීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද පදනමේ වෙනසක් සිදු වී නැති බවත් පළාත් 02 ලැබූ ජයග්‍රහණයෙන් ජනතාව රජය සමඟ සිටින බවට පැහැදිලි පණිවිඩයක් ලබාදී ඇති බවත් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.

    මනාප ප්‍රතිඵල ලැබී මැතිවරණ කොමසාරිස්වරයා ගැසට් මඟින් ප්‍රකාශ කළ පසු තේරී පත්වූ මන්ත්‍රීවරුන් ඉදිරි දින කිහිපය තුළ නම් කරන බව පැවසූ අමාත්‍යවරයා 2009 හා 2014 මැතිවරණ පැවතියේ වෙනස් වූ පරිසර 02 නිසා මෙවර මැතිවරණ ප්‍රතිඵල හා 2009 ප්‍රතිඵල සන්සන්දනය නොකරන ලෙසද පැවසීය.

     

    නව අපේක්ෂකයෝ සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ අංක 01 පැමිණ සිටීති. හිටපු ප්‍රධාන ඇමතිවරුන් ගියවරට වඩා වැඩි මනාප හිමිකර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඊට පෙර පැවති මැතිවරණවලට වඩා මෙවර ඡන්ද ප්‍රතිශතය රඳවාගන්න හැකි වී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya