අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුමෙන් බෙදා දුන් මිටි මුරුංගා පැළවලින් ඉහළම අස්වැන්නක් Featured

    මාර්තු 31, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දිවි නැගුම ජාතික ජාතික වැඩසටහන යටතේ දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක ආවරණය කරමින් ලබාදුන් මිටි මුරුංගා පැළ දසලක්ෂයකට ආසන්න කොටසක අස්වනු නෙලීම දැන් ආරම්භ වී තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් 2012 අවසාන භාගයේදී සිටුවන ලද මිටි මුරුංගා ගසින් ලැබී ඇති ඵලදාව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යංශ භූමියේදී ඊයේ (30) නිරීක්ෂණයට ලක්කරන ලදී.
     
    දිවි නැගුම වැඩසටහන යටතේ වස විෂ නොමැති ආහාර අනුභවයට ජනතාව පෙළඹවීම තුළින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම රජයේ අපේක්ෂාව වන අතර මාස 06 මිටි මුරුංගා ඒ සඳහා හදුන්වාදී ඇති ඉතා වැදගත් භෝගයකි. පහසුවෙන් වගා කිරීමට ඇති හැකියාව මෙන්ම පහසුවෙන් නඩත්තු කිරීමට ඇති හැකියාව ‍නිසා මෙම භෝගය ඉහළින්ම ප්‍රචලිතවීමට හේතුවී තිබේ.
     
    මොරින්ගා ඔලෙයි‍ෆෙරා (Moringa oleifera) යන විද්‍යාත්මක නමින් හදුන්වනු ලබන ඉහළ පෝෂණීය ගුණයකින් යුත් මිටි මුරුංගා ශාකයේ බීජය මෙරටට පැමිණ ඇත්තේ දකුණු ඉන්දියාවෙනි. මෙයට වසර 13කට පමණ පෙරය. ඉන්දියාව සහ ඝර්ම කලාපීය රටවල බෙහෙවින් ප්‍රචලිත මෙම ශාකය මැද පෙරදිග රටවල ඉතා ජනප්‍රිය ආහාරයක් බවට පත්ව ඇත. එබැවින් ශ්‍රී ලංකාවේ වගා කරන මිටි මුරුංගාවල ප්‍රධාන වෙළෙඳපොළ බවට පත්ව ඇත්තේද මැදපෙරදිග රටවල්ය.
     
    මිටි මුරුංගා ශාකය ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයන්හි වඩාත් හොඳින් වැඩෙන්නක් වුවද යාපනයේ සිට හම්බන්තොට දක්වා සියළු ප්‍රදේශයන්හිද වගා කිරීමේ හැකියාව පවතී. ජලය රැදෙන ස්ථානවලට වඩා ජලය බැස යන ස්ථානයන්හි මෙම ශාකය සිටුවීම සඳහා වඩාත් සුදුසු අතර වර්ෂය පුරාම ඵල දැරිය හැකි භෝගයකි. මිනිස් සුරුරට අවශ්‍ය විටමින් සී, බී, ඇතුළු තවත් බොහෝ කොටස් මෙම ආහාරයට තුළ අඩංගු වන හෙයින් ජනතාවගේ පෝෂණීය තත්ත්වය සපුරාලිය හැකි ආහාරයක්ද වේ.
     
    මිනිස් සිරුරට අවශ්‍ය විටමින් ඒ, බී, සී, පොටෑසියම්, ප්‍රෝටීන්, කාබෝහඩ්ට්‍රේඩ්, කැල්සියම්, පොස්පරස්, සෝඩියම්, යකඩ, මැග්නීසියම් ඇතුළු තවත් පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් මිටි මුරුංගා කොළ සහ කරල් ආහාරයට ගැනීම  මගින් ලබාගත හැකිවේ. මෙවැනි ඉහළ පෝෂ්‍ය ගුණයකින් හෙබි මිටි මුරුංගා භෝගය දිවි නැගුම වැඩසටහන යටතේ හෙවත් මොරින්ගා ඔලෙයිනෙරා යන විද්‍යාත්මක නමින් හදුන්වනු ලබන දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය බලාපොරොත්තු වන අතර මේ වන විට කොළඹ, ගම්පහ, රත්නපුරය, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව, අම්පාර, යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, වවුනියාව වැනි දිස්ත්‍රික්කයන්ට නිකුත්කර ඇති පැළවලින් ඉහළම අස්වැන්නක් දැන් ලැබී තිබේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya