දෙසැම්බර් 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මෙවර ගම්පහ දී

    මාර්තු 31, 2014

    උදාවන සිංහල අවුරුද්ද නිමිත්තෙන් හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ගම්පහදී පැවැත්වීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

    ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වූයේ ‍ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේදීය. මෙවර එය ගම්පහ කොස්සින්න, යටවත්ත රජමහා විහාරයේදී පැවැත්වේ. මෙවර උත්සවය පිළිබඳ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදී අමාත්‍ය සාලින්ද දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

     

    තවදුරටත් එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මෙවර මුළු රටේම ජනතාවට හිසතෙල් ගෑමේ නැකැත් චාරිත්‍රයට අවශ්‍ය නානු නොමිලේ බෙදා හැරීමට කටයුතු කරන බවයි.

     

    රටපුරා විහාරස්ථාන දස දහසකටත්, ලියාපදිංචි දේශීය වෛද්‍යවරුන් පහළොස් දහසකටත් මෙම නානු නොමිලේ බෙදාහැරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි. ජනතාවට  විහාරස්ථානයෙන් හෝ ගමේ වෙද මහතාගෙන් එම නානු ලබාගැනීමට හැකි වන බවද අමාත්‍යවරයා පැවසීය.


    මීට අමතරව ආයුර්වේද ලිත් පන්දහසක් ද රටපුරා බෙදාහැරීමට නියමිතයි. ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් මෙසේ රටපුරා නොමිලේ බෙදා හරින නානු නොලැබෙන විහාරස්ථානයක් හෝ ලියාපදිංචි වෛද්‍යවරයෙක් වේ නම් ආයුර්වේද කොමසාරිස්, ආයුර්වේද දෙපාර්තමේන්තුව, නාවින්න, මහරගම ලිපිනයට ලිඛිතව දැනුම් දීමෙන් ඉදිරියේදී නානු ගෙන්වා ගැනීමට හැකිවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙවර හිසතෙල් ගැල්වීමේ නැකත අප්‍රේල් 16 වනදා පෙ.ව. 11.16ට යෙදී ඇත.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya