අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සභා ජයග්‍රහණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාගේ සුභපැතුම් පණිවුඩය Featured

    මාර්තු 31, 2014

    බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමස්තයක් වශයෙන් ලැබූ ජයග්‍රහණය ජාති ආගම් පක්ෂ හා පාට බේදයෙන් තොරව සමස්ත ශ්‍රී ලාංකිකයන් ලැබූ ජයග්‍රහණයක් වශයෙන් හැදින්විය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මහතා පවසයි.

    මෙය කුරිරු ත්‍රස්තවාදය නිමා කොට ගතවූ සිව් වසරක කාලය තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන සිටින දැවැන්ත සංවර්ධනය යළි ජීවමාන කිරීම සඳහා ලබා දෙන පන්නරයකි.

    මෙම ජයග්‍රහණය රට බෙදීමේ අරමුණින් විවිධ කොටස් විවිධ උත්සාහයන් ගත්ත ද රටට ආදරය කරන සමස්ත ජන කොටස්වල සාමුහික ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් වන්නේ මෙම මැතිවරණ ජයග්‍රහණයයි. ඒ ජයග්‍රහණය අපට පමණක් නොව  සංවර්ධනයේ සහ සහජීවනය පිළිබඳ පණිවුඩය ලෝකයාට විදහා දැක්වීමකි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කරන ජනතා හිතවාදී සංවර්ධන වැඩපිළිවෙල තව දුරටත් ඉදිරියට ගෙන යාමේ ප්‍රයත්නයට මෙවර මැතිවරණ ජයග්‍රහණය දායක වන බව තමාගේ විශ්වාසය බව අගමැතිතුමා පවසයි.

    මේ ජයග්‍රහණය සඳහා දායකවූ සමස්ත ඡන්ද දායකයන්ට කෘතවේදී වන බව පවසන අගමැතිතුමා රට සංවර්ධනය කරා ගෙන යාමටත්, විජාතික බලවේගයන්ගෙන් අපට එල්ලවන තර්ජනයන්ට මුහුණදීම සඳහා එක් වන ලෙසත් සැමට  ආරාධනා කරයි.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya