මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ මංකොල්ලය රටින් ඉවත් කළා- ඖෂධ ගැන පළවන පූවත්පත් වාර්තා අසත්‍යයි

    ඔක්තෝබර් 17, 2018

    ඇතැම් අත්‍යාවශ්‍ය ඖෂධ ලංකාවෙන් ඉවත් වෙන බවට සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළවී ඇති වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය,රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා; “අද ඇතැම් ඖෂධ සමාගම් වල වුවමනාවට ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරමින් එම පුවත්පත්වල පළ කර ජනතාව නොමඟ යවනවා. ගුණාත්මකභාවයෙන් යුතු හොඳ ඖෂධ ලංකාවෙන් ඉවත්වන බවට චෝදනා කරනවා. අද හොඳම බෙහෙත් වෙළඳපොළේ තිබෙන්නේ. එකම ඖෂධය වෙළඳ සන්නාම 35කින් 40කින් පමණ වෙළඳ පොළේ තිබෙනවා. නමුත් රෝගින් ගන්නේ ගුණාත්මක ඖෂධයි. එවිට අනෙක් ඖෂධ ඉවත් වෙලා යනවා.
    මේ රටේ තිබුණ ඖෂධ මංකොල්ලය අපි මේ රටින් ඉවත් කළා. මහාචාර්ය සේනක බිබිලේ මහතාට සිදු වූ ඛේදවාචකය ,වෛද්‍ය බාලසුබ්‍රමනියම් වගේ අය කලකිරිල රට අතහැර ගියෙත් මේ ඖෂධ මාෆියාව නිසයි.1971 ඉඳන් 2016 වසර වෙනකල් අවුරුදු 45ක් කවුරුත් නොකරපු දෙයක් අපි කළේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    අද පැවති මෙම මාධ්‍ය හමුවට ඖෂධවේදී සංගමයේ නිලධාරින්, ඖෂධ වෙළඳ සැල් හිමියන්ගේ සංගමය සහ වෛද්‍යවරු රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya