අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන මිල සූත්‍රය මාධ්‍යයට හෙළි කරයි-මිල සූත්‍රයේ අර්ථය පහදයි

    ඔක්තෝබර් 18, 2018

    ආන්දෝළනයට පත් ව තිබූ ඉන්ධන මිල සූත්‍රය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (18) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී  හෙළි කළේ ය.

    MRP =V1+V2+V3+V4 ලෙස අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කළ මිල සූත්‍රයේ සඳහන් වී තිබේ.

    එහිදී මිලසූත්‍රයේ සමීකරණය පිළිබඳව අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළේ ය.

    මේක තමයි සරළව පසුගිය මැයි මාසයේ 11 වෙනිදා,මිල සූත්‍රය ලෙස  හැම මාසයේ ම ගනන් හදලා ජනතාවට ඉදිරිපත් කළේ. එහි MRP කියන්නේ උපරිම සිල්ලර මිලයි. ගනනය  කරන්නේ. ප්‍රධාන දර්ශක හතරක් පදනම් කරගෙනයි. V 01 කියන්නේ වරායේ ගොඩබාන පිරිවැයයි.

    මෙහිදී බැරලයක් සඳහා වියදම්වන සිංගප්පූරු ප්ලැට්ස් මිල මෙන් ම වාෂ්ප වීම රුපියලේ හුවමාරු වටිනාකම,සැලකිල්ලට  ගන්නවා. V 2 කියන්නේ, සැකසීමේ වියදම්,දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන් අනාස්ති ,වෙලඳ නියෝජිතයන්ගේ  වට්ටම්,වාෂ්ප වීම් හා තොග රඳව ගැනීමේ වියදම් ද මෙයට ඇතුළත් කරනවා. V3 කියන්නේ සේවක වැටුම් දීමනා,පරිපාලනමය වියදම්,රුපියල අවප්‍රමාණය වීම ඇතුළු ආයතනික වියදම් ඇතුළත් වෙනවා. V4 ට රේගු ආනයන බදු, වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු, ජාතික ගොඩනැගීමේ බදු වැනි බදු ගෙවීම් ය. මේ දර්ශක හතරේ එකතුව තමයි, මාසයේ පරිම මිල ලෙස සඳහන් කරන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය .

     

    ෆේස් බුක් වීඩියෝව නරඹන්න

    https://www.facebook.com/MangalaLK/videos/2066957330284185/

    https://www.facebook.com/MangalaLK/videos/339317166613580/?__tn__=kC-R&eid=ARBcEdEBb9x-qizlWDA8-ZEbA5MztMcSjqiMqjxebsO80cMFKNNwqrEf3csGRCoSu1XVrOjT9l7O11qh&hc_ref=ARRh7wkG-dVkKHjod7iucC9uWPl5ZM6SS1ELJKedPRm-pKFITq_SPGA8QocZFBU0TDI&__xts__[0]=68.ARD4yo-N04fUcBMVOFskKsIGNlZKx3w0p5VKyPsajUdcz4JkyK5on-p4lAigO5YsI-uYMckDG0ja2zjqu_2I_osPmkJzv6Wazpkh4ZUg6os4pSaqVx41PPtKhM_VlGomtK-z5kEmZN22a7pus2KV2khTTKjUDZqPRwD8kgYs37hF585OCNaJYA4GO9w2f5aV0CAhBWi1dyMLX_ZrKoUxiA5o1V02Ytq6BkJvfXiI1rIm2ub7sNRcIA

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya