අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව 1926 ඇරඹෙයි

    ඔක්තෝබර් 17, 2018
    ජාතික මානසික සෞඛ්‍ය උපකාර සේවාව අංගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී ආරම්භ විය.
    එහි අංකය 1926 වේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමග ඒකාබද්ධව මෙම උපකාරක සේවාව නොමිලේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ පැවැති උත්සවයක දී උපකාරක සේවාව ආරම්භ විය. මෙම රෝහල ඉදිකර ඇත්තේ 1926 වසරේදීය.
     
    එම වර්ෂයම උපකාරක සේවාවේ දුරකථන අංකය ලෙස යොදාගෙන ඇත. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට සම්බන්ධ වෙමින් මානසික සෞඛ්‍ය ගැටලු පිළිබද වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය උපදෙස් ලබාගත හැකිය. ඉන්පසු ප්‍රතිකාර සේවාව සදහා යෙදවීමට පියවර ගනු ලැබේ.
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන මහතා, ජාතික මානසික සෞඛ්‍ය  විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya