මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනර්ජනනීය බලශක්ති වැඩි වශයෙන් යොදා ගැනීමට ඩොලර් මිලියන 300ක්

    ජූලි 16, 2014

    ශ‍්‍රී ලංකාව තුළ විදුලි උත්පාදනය සඳහා අවශය ඛනිජතෙල් ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් ලබාදීමට තීරණය කර ඇත.


    මෙහි පළමු අදියර යටතේ ඩොලර් මිලියන 150ක මුදලක් ලබාදෙන අතර එය මධ්‍යම පළාතේ මෙගා වොට් 30ක ධාරිතාවකින් යුත් මොරගොල්ල ජලවිදුලි බලාගාරයේ ධාරිතාව පුළුල් කිරීම සඳහාය. එමෙන්ම එහි දෙවන අදියර වශයෙන් 2016දී උතුරු පළාතේ කිලෝ වොට් 33ක විදුලි පද්ධතිය වැඩිදියුණු කිරීම හා බෙදාහැරීම වෙනුවෙන් ප‍්‍රතිපාදන ලැබෙනු ඇත.

    ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබාදී ඇති මෙම ආධාර මුදල මඟින් ඉදිරියේ දී ශ‍්‍රී ලංකාව තුළ විදුලි උත්පාදනය සඳහා පුනර්ජනනීය බලශක්ති වැඩි වශයෙන් යොදා ගැනීමට හැකියාව ලැබේ.

    මෙලෙස ලබාදෙන ආධාර මුදල් ආර්ථිකය තුළ පුළුල් වශයෙන් ව්‍යාප්තවීම තුළින් අඩු ආදායම්ලාභින්ගේ සුබසාධනය සඳහා ඉවහල් වනු ඇති බව ද ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya