මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙදර්ලන්ත නියෝජ්‍ය වෙළෙඳ ඇමති ස්මිට්ස් හෙට දිවයිනට Featured

    ජූලි 13, 2014

    දින හතරක සංචාරයක් සඳහා නෙදර්ලන්ත නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍ය සිමොන් ස්මිට්ස් මහතා ඇතුළු දූත පිරිසක් හෙට (14) දිවයිනට ළඟා වේ.


    නෙදර්ලන්තයේ වෙළෙඳ සමාගම්වල ව්‍යාපාරික දූත පිරිසක් ස්මිට්ස් මහතා සමඟ පැමිණෙන අතර ඔවුන් සෞඛ්‍ය, ජලය සහ උද්‍යාන වගා යන වෙළෙඳ ක්ෂේත්‍ර නියෝජනය කරති.


    ලබන 17 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටින ස්මිට්ස් මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් හමුවීමට නියමිතය. ඊට අමතරව රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ මෙරට ප්‍රමූඛ ව්‍යාපාරිකයන් හමුවී සාකච්ඡා කිරීමට ද ඔහු අපේක්ෂා කරයි.


    මෑත කාලයේ නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාට පැමිණෙන පළමු ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයා වන්නේ ද සිමොන් ස්මිට්ස් මහතාය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya