මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැඩි සුළඟින් විපත් රැසක් - එක් අයෙකු මරුට - සබරගමු සරසවිය වැසේ Featured

    ජූලි 13, 2014

    නිරිත දිග මෝසම් තත්ත්වය හේතුකොට ගෙන දිවයින හරහා හමා යන දැඩි සුළඟ නිසා බස්නාහිර, මධ්‍යම, උතුර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල නිවාස රැසකට හානි සිදු වී එක් පුද්ගලයෙකු මියගොස්  පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා 214 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යවා ඇතැයි අද (13) පස්වරු 6.30 වනවිට දිවයිනේ පැවති ආපදා තත්ත්වය පිළිබඳ ව වාර්තා කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


    දැඩි සුළං සහිත කාලගුණික තත්ත්වය නිසා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයකට ද හානි සිදුවී විදුලිබලය ද ඇනහිට ඇති අතර විශ්වවිද්‍යාලය සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.


    මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපෑ දැඩි සුළං තත්ත්වය නිසා වලපනේ නිවාස 83ක් ද නුවරඑළිය නිවාස 13ක් ද හඟුරන්කෙත නිවාස 56ක් ද ලෙස නිවාස 152ක් අර්ධ හානිවලට ලක් ව ඇත. එහි පවුල් 152ක 623 දෙනෙකු විපතට පත් ව තිබේ. ඉන් පවුල් 55ක 214 දෙනෙකු තාවකාලික ආරක්ෂිත ස්ථාන වෙත යවා තිබේ. හරස්බැද්ද විහාරස්ථානය, සෙනරත්පුර විහාරස්ථානය, රත්මල්වත්ත කෝවිල සහ කොන්කෝඩිය වත්තේ ප්‍රජා මධ්‍යස්ථානය යන ස්ථානවල ඔවුන් රඳවා තිබේ.


    මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ එක් නිවාසයකට අර්ධ හානි සිදු ව ඇති අතර පුද්ගලයින් 5 දෙනෙකු ආපදාවට පත් ව ඇත.


    ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නිවාස 25ක් හල්දුම්මුල්ල නිවාස 130ක් ද රිදීමාලියද්ද නිවාස 10ක් ද හාලිඇළ නිවාස 4ක් ද ලුනුගල එක් නිවාසයක් ද සොරණාතොට එක් නිවාසයක් ද අර්ධ හානිවලට ලක් ව ඇත. වැලිමඩ එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇත. වැලිමඩ නිවාස 3ක් සම්පූර්ණයෙන් හානියට පත් ව තිබෙන අතර නිවාස 155කට අර්ධ හානි සිදු ව ඇත. ඌව පරණගම පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස 16ක් සම්පූර්ණයෙන් හානියට පත් ව නිවාස 200කට අර්ධ හානි සිදු ව ඇත. ඌව පළාතේ විපතට පත් සංඛ්‍යාව පිළිබඳ නිවැරදි තොරතුරු තවම වාර්තා නොවේ.


    බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නිවාස 10කට අර්ධ හානි සිදු ව ඇති අතර පවුල් 10ක පුද්ගලයින් 35 දෙනෙකු ආපදාවට පත් ව ඇත.


    බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව නිවාස 14කට අර්ධ හානි සිදු ව ඇති අතර පවුල් 14ක පුද්ගලයින් 80 දෙනෙකු ආපදාවට පත් ව ඇත.


    උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ආනන්දපුරම්හි නිවාස 7කට අර්ධ හානි සිදු ව ඇති අතර පවුල් 8ක පුද්ගලයින් 28 දෙනෙකු ආපදාවට පත් ව ඇත.


    සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ නිවාස 3ක් සම්පූර්ණයෙන් හානියට පත් ව තිබෙන අතර නිවාස 154කට අර්ධ හානි සිදු ව ඇත.


    දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල නිවාස 7කට අර්ධ හානි සිදු ව ඇත.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya