මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින හරහා පවතින තද සුළඟ අද අඩු වෙයි Featured

    ජූලි 14, 2014

    දිවයින හරහා පවතින තද සුළං තත්ත්වය අද (14) අඩු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    එහෙත්, දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ සහ අවට මුහුදු ප්‍රදේශවල පැ.කි.මී. 50-60 පමණ තරමක තද සුළං තවදුරටත් පවතී.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට ද පැතිර යා  හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ගාල්ල සහ කොළඹට වැසි වාර කිහිපයක් ද නුවරඑළිය, රත්නපුරය සහ මහනුවරට විටින්විට වැසි ද ඇති විය හැක.


    අනුරාධපුරය, මන්නාරම, ත්‍රිකුණාමලය, යාපනය හා මඩකළපුවට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.0°C මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.7°C මඩකළපුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 16.7°C නුවරඑළියෙන් ද මි.මී. 10.0ක උපරිම වර්ෂාපතනය​ කුකුළේගඟ ප්‍රදේශයෙන් ද වාර්තා වී

    තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya