මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳ විමර්ශන කොමිසමේ මුලතිව් සාක්ෂි විමසීම අවසන් Featured

    ජූලි 12, 2014

    අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබද පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම සිය පස්වන වටයේ සාක්ෂි විමසීම පසුගිය අඟහරුවාදා මුලතිව්‍හි දී නිමාවට පත්කරන ලද අතර එහිදී පුද්ගලින් 128 දෙනෙක් කොමිසම ඉදිරියේ දී සාක්ෂි සටහන් කළහ.


    මෙවර මහජන හමුව ජූලි 05 හා 06 පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද, ජූලි 07 හා 08 මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ද පැවැත්විණි.


    "මුලතිව් දිස්ත්‍රික්කයේ මෙතෙක් ජනාධිපති කොමිසමේහි ලියාපදිංචි වී නොමැති පුද්ගලයින්ට තැපැල් මාර්ගයෙන් හෝ අතුරුදහන් වූ සිය ඥාතින් පිළිබඳ තවදුරටත් පැමිණිලි ඉදිරිපත් කිරීමට කාලය ලබාදී ඇතැයි" යනුවෙන් කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරාක්‍රම පරණගම මහතා පැවසීය.


    කොමිසම විසින් මේ වන විට උතුරු හා නැගෙනහිර පළාත්හි යාපනය, මඩකළපුව, කිලිනොච්චි හා මුලතිව් යන දිස්‌ත්‍රික්‌ක ආවරණ වන පරිදි සාක්ෂි විමසීම සිදුකර ඇත. මේ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ මඩකළපුව දිස්ත්‍රික්කයෙන්ය. එනම් සැසිවාර දෙකකදී 1,830ක් ලෙසටය.


    ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් ලද පැමිණිලි 5,000ක් ඇතුළුව කොමිසමට මේ වන විට ලැබී ඇති පැමිණිලි ගණන 19,284කි. කොමිසම විසින් පැමිණිලිකරුවන් 462ගෙන් සාක්ෂි ලබාගෙන ඇති අතර එම සාක්ෂි ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් මගින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා විශ්ලේෂණය කරමින් පවතී.


    HC/llrc

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya