මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරිතදිග මෝසම් සුළං වේගය විටින් විට ඉහළට Featured

    ජූලි 12, 2014

    දිවයින හරහා සහ යාබද මුහුදු ප්‍රදේශවල, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ දිවයිනට නැගෙනහිර සහ ගිනිකොන දෙසින් වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නිරිතදිග මෝසම් සුළං වේගය විටින් විට ඉහළ යාමට ඉඩ ඇති හැකියාව තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    එමෙන්ම මෙම තද සුළං තත්ත්වය හෙටින් (13) පසුව තරමක් අඩු වනු ඇත. නමුත් මෝසම් සුළං තව දුරටත් බලාපොරොත්තු විය යුතුය.


    අද (12) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට ද පැතිර යා  හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ගාල්ල, කොළඹ, නුවරඑළිය රත්නපුරයට සහ මහනුවරට විටින් විට වැසි ද ඇති විය හැක.


    අනුරාධපුරය, මන්නාරම, යාපනය හා මඩකළපුවට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    ත්‍රිකුණාමලයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.0°C මඩකළපුව හා ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.9°C මඩකළපුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද මි.මී. 58.2ක උපරිම වර්ෂාපතනය​ කැනියන් ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya