අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව විභාගය අද මධ්‍යස්ථාන 3014කදී Featured

    අගෝස්තු 20, 2017

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (20) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014 ක විභාගය පැවැත්වෙන අතර අයදුම්කරුවන් 356,728ක් පෙනී සිටින ඉන් 562 ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් වෙති.

    I ප්‍ර‍ශ්න පත්‍රය පෙ.ව.9.30 සිට පෙ.ව.10.15 දක්වා විනාඩි 45 ක කාලයක් පැවැත් වෙන අතර II ප්‍ර‍ශ්න පත්‍රය පෙ.ව. 10.45 සිට මධ්‍යහ්න 12 දක්වා පැය 01කුත් විනාඩි 15 ක කාලයක් පැවැත්වේ.

    පෙ.ව. 09.00 වන විට විභාග අපේක්ෂකයින් ශාලාවල අසුන් ගත යුතු බවට ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බැවින් කල්වේලා      ඇතුව විභාග මධ්‍යස්ථාකයට පැමිණිය යුතුය.

    විභාග පරිපාලනය සඳහා 28,000ක පමණ කාර්ය මණ්ඩලයක් යොදවා ඇති අතර විභාග අධීක්ෂණ කටයුතු සඳහා පැය 24 පුරා විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළත් විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
     
    විභාගය සඳහා යම් තොරතුරක් ලබාගැනීමට හෝ ලබාදීම සඳහා පහත සඳහන් දුරකථන අංකවලට ඇමතීමට කටයුතු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටි.

    විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය    : 1911
    පාසල් විභාග සංවිධාන ශාඛාව            : 0112 784208 / 0112 78 45 37
                          0112 31 88 350 / 0112 31 40 314
    පොලිස් මූලස්ථානය                : 0112  42 11 11
    පොලිස් හදිසි ඇමතුම් අංකය            : 119

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya