අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “කොළඹ ආරක්‍ෂක සමුළුව - 2017” අගෝ 28 සහ 29

    අගෝස්තු 19, 2017
    “ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම, ගෝලීය ප්‍රවණතා” (‘Countering Violent Extremism, Global Trends’) මැයෙන් මෙවර සංවිධානය වන “කොළඹ ආරක්‍ෂක සමුළුව - 2017” (7th ‘Colombo Defence Seminar - 2017) හත්වැනි වරටත් එළැඹෙන 28 සහ 29 දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.
     
    ඒ අනුව මෙවර සමුළුව ආරක්‍ෂක ක්ෂේත්‍රය නියෝජනය කරන විදෙස් නියෝජිතයින් 200 ක් ඇතුළු නියෝජිතයින් 800 දෙනෙකු සහභාග වීමට නියමිත අතර ඒ සඳහා මෙවර සැම්බියාවේ යුද හමුදාපතිවරයාට සහ සාක් රටවල හමුදා ප්‍රධානීන්ට ද ආරාධනා කර ඇත. එමෙන්ම ක්ෂේත්‍රයට අදාළ විදේශීය විද්වතුන් 15 ක් සහ දේශීය විද්වතුන් 12 ක් සමුළුව ඇමතීමට නියමිතව ඇත.
     
    දෙදින සමුළුව තුල සැසිවාර ගණනාවක් ඔස්සේ “අන්තවාදි ප්‍රචණ්ඩත්වය සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සිට අයිඑස්අයිඑස් සංවිධානයේ උපත”, “ගෝලීය ප්‍රචණ්ඩ අන්තවාදය”, “ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම”, “ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව ආරක්‍ෂක හමුදාවන්හි කාර්යභාරය”, “අභියෝග සහ ගැටලු - පෙරදිග සහ අපරදිග ජාතීන්ගේ දැක්ම”, “කලාපීය සංවිධානවල කාර්ය භාරයයන්” “ලෝක පාලනයේ බලපෑම්”, “නෛතික බලපෑම්”, “බුද්ධි හා සයිබර් අභියෝගතා සහ උපාය මාර්ග”, “ආරක්‍ෂක හමුදාවන්හි කාර්ය හා හමුදා සිවිල් සබඳතා”, “එක්සත් ජාතින්ගේ උපක්‍රම”, “අභ්‍යන්තර ආරක්‍ෂාව පිළිබඳ උපායමාර්ගික අධ්‍යයනය”, “රාජ්‍ය ත්‍රාන්තික සබඳතා සහ අන්තවාදි ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම”, “ලෝක පාලනයේ දී යුද්ධ හමුදා කාර්යභාරය”, “ප්‍රති අන්ත්‍රවාදි ප්‍රචණ්ඩත්වයේ දී ප්‍රජාව සවිබලගැන්වීම” යන මාතෘකා උපතේමාවන් යටතේ සාකච්ඡා කිරීමට නියමිතය.
     
    තවද ගෝලීය ආරක්‍ෂාවට ඇති තර්ජන පිළිබඳව පුළුල් කතිකාවතක් ගෝලීය සහ කලාපිය රාජ්‍යවල විද්වතුන් රැසකගේ අවධානයට යොමුකිරීමට මෙන්ම වත්මන් ලෝකයේ අන්තවාදය තුළින් මතුවන ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා භාවිතා කළ හැකි සාමුහික යාන්ත්‍රණයක් හා ජාතීන් අතර ඇති වන අරගලවලට මූලිකවන හේතු පිළිබඳව විද්වත් අදහස් හුවමාරුවක් ඇතිකිරීම ද මෙම කොළඹ ආරක්‍ෂක සමුළුව - 2017’ සංවිධානය කිරීමේ අරමුණු අතර වේ.
     
    රටවල් 60 ක 160 කට අධික විදේශීය විද්වත් නියෝජනයක් සහිතව 2011 වර්ෂයේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ පුරෝගාමිත්වයෙන් “ආරක්‍ෂක සමුළුව - Defence Seminar” නමින් ඇරඹි මෙම සමුළුව 2016 වසරේ “කොළඹ ආරක්‍ෂක සමුළුව” ලෙස නව මුහුණුවරකින් සංවිධානය විය.
     
    “මෘදු බලය සහ ගෝලීය ගැටළු කෙරෙහි එහි බලපෑම” (‘Soft Power and its Influence on Global Issues’) යන තේමාව යටතේ පසුගිය 2016 වසරේ සංවිධානය වූ කොළඹ ආරක්‍ෂක සමුළුව සඳහා රටවල් 71 ක් නියෝජනය කරමින් විදේශීය නියෝජිතයින් 125 ක් ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන ශ්‍රී ලාංකීය විද්වතුන්, සම්පත් දායකයින්, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරින්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආරක්‍ෂක අංශ ප්‍රධානින්, හමුදා ප්‍රවීනයින් ඇතුළු 800 ක් පමණ පිරිසක් සහභාගි වූහ.
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya