අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපයේ Featured

    ජූනි 28, 2014

    නිරිතදිග කොටසේ පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (28) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර වයඹ පළාත කරාද මෙම වැසි පැතිර යා  හැක.


    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමටද ඉඩ ඇත.


    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට වැසි වාර කිහිපයක් ඇති විය හැක.


    අනුරාධපුර, යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    මඩකළපුවට හා ත්‍රිකුණාමලයට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ දී වැස්සක් හෝ ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැක.


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12 නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5 මොනරාගල ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.1 නුවරඑළියෙන් ද මි.මී. 1.4ක උපරිම වර්ෂාපතනය​ නෑබොඩ ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya