මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තංගල්ල සිට මඩකළපුව දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක

    ජූනි 28, 2014

    අද (28) කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන සහ මඩකළපුව සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං බස්නාහිර හෝ නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැක.


    තංගල්ල සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශ (විශේෂයෙන් නොගැඹුරු මුහුදු ප්‍රදේශ) විටින් විට ඉතා රළු විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.


    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු වේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya