පසුගිය සමයේදී කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි මුස්ලිම්වරුන් සිය දෙනකු පමණ 1990 වසරේ වරින් වර අතුරුදහන්වූ බවත් ඔවුන් එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කර කුරුක්කල්මඩම් මුහුදු වෙරළට ආසන්න භූමියේ වල දමා ඇති බවට අබ්දුල් මජීඩ් මොහොමඩ් නමැති අය කාත්තන්කුඩි පොලීසියට කර ඇති පැමිණිල්ලට අදාළව මෙසේ පරීක්ෂණ සිදුකරයි.
මේ වන විටද අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
HC/llrc