අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාකාරී වාර්තාව දියුණු කිරීමට පියවර Featured

    ජූනි 28, 2014

    ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය සඳහා කාලයට අනුගතව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක මානව හිමිකම් ඒකකය හා ශ්‍රී ලංකා මානව හිම්කම් කොමිසම් සභාව සැලසුම් සකස් කරනු ලබයි.


    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාපති මහේස්ත්‍රාත් ප්‍රියන්ත පෙරේරා, කමිටු සාමාජිකයින් වන ආචාර්ය ශ්‍රී වර්ණ ප්‍රතිභා මහානාමහේවා, තංගරාජා එඩ්වඩ් ආනන්දරාජා සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සේවකයන් එක්ව ක්‍රියාකාරී සැසියක්  පසුගිය මස පැවැත්විය. මෙහි ප්‍රධාන බලාපොරොත්තුව ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට ප්‍රතිඵලදායක හා ක්‍රමවත් ලෙස ශ්‍රී ලංකා මානව හිමිකමි කොමිසමට කළ හැකි කාර්ය හඳුනා ගැනීමයි.


    ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධන ක්‍රියාවලිය සඳහා කාලයට අනුගතව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක මානව හිමිකම් ඒකකය හා ශ්‍රී ලංකා මානව හිම්කම් කොමිසම් සභාව සැලසුම් සකස් කරනු ලබයි.


    මෙම වැඩසටහනට අත්දැකීම් බහුල ප්‍රවීණ දේශීය මෙන්ම විදේශීය විද්වත් පිරිසක් එක්ව සිටියහ. ඒ අතර දකුණු අප්‍රිකා මානව හිමිකමි කොමිසමේ සභාපති ජාතික මානව හිමිකමි ප්‍රවර්ධන සහ ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්බන්ධීකරණ කමිටුවේ වර්තමාන සභාපති නීතිවේදී ලෝරන්ස් මුෂ්වානා (Lawrence Mushwana), නැමීබියානු ඔම්බුඩ්ස්මන් ජොන් වෝල්ටර්ස් (John Walters),  ශ්‍රී ලංකා මානුෂවාදී සංගම්වල එකතුවේ (Consortium of Humanitarian Agencies) විධායක අධ්‍යක්ෂක ජීවන් ත්‍යාගරාජා, ජාත්‍යන්තර ජනවාර්ගික අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක‍ෂක හා ශ්‍රී ලංකා නීතිවේදී කොමිසමේ සාමාජික ආචාර්ය මාරිඕ ගෝමස් සහ ජාතික සාම සභාවේ විධායක අධ්‍යක‍්ෂක ජෙහාන් පෙරේරා යන අයයි.


    "මට දැනෙනවා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පුළුවන් ප්‍රතිසන්ධානය සඳහා සහය ලෙස වැදගත් කාර්යභාරයන් තෝරා ගැනීමට. ප්‍රතිලාභ හා අයිතිවාසිකම් ඇතුළත්ව උපායන් රැස්කරගත් සමකාලීනනව ගම්වල නැවත  පදිංචි කිරීමේ මාසික සැසියේ මූලික වාසි ඇතුළත් ශ්‍රී ලංකාව තුළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම කටයුතු අධ්‍යනය කළ හැකි විය." යනුවෙන් ත්‍යාගරාජා ප්‍රකාශ කරයි.


    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ ජාතික ක්‍රියාකාරී සැලසුම් කමිටුව අවධාරණය යොමු කරනු ලබනවා, බිම් මට්ටමින් ජාතික ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළක් ඇති කිරීම, ජාතික මානව කොමිසමේ ප්‍රතිසන්ධාන කාර්යභාරය ප්‍රවර්ධනය කිරීම හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට කළ හැකි කාර්යභාරය හඳුනා ගැනීම යනාදිය 2014 සඳහා වූ සැලසුම් හා මූලෝපායන්ය.


    පහත සඳහන් සාධක මෙහිදී සැලකිල්ලට භාජනය විය.


        ත්‍රෛභාෂා ප්‍රතිපත්ති මෙහෙයවීම හා ක්‍රියාත්මක කිරීම.

        පාසල් විෂය මාලාවට මානව හිමිකමි පිළිබද අධ්‍යන එක්කිරීම.

        උතුර හා නැගෙනහිර ජන්දය පැවැත්වීම.

        මන්නාරම ප්‍රදේශයේ මානව හිමිකම් කඩවීම් සිදුවූ ප්‍රජාව ආමන්ත්‍රණය කිරීම.

        මානව හිමිකම් සම්බන්ධ ගැටලු හඳුනා ගැනීම මෙන්ම සිවිල් ජනයා සඳහා රැස්වීම දිගටම සිදු කිරීම.

        ඉඩම් සම්බන්ධ ගැටලු සඳහා ප්‍රදේශීය කමිටු ඇති කිරීම මෙන්ම ප්‍රතිස්ථාපනය සඳහා බිම් ම්ටටමේ වැඩපිළිවෙළක් ඇති කිරීම.


    HC/llrc

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya