අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්සලට තවත් සම්මානයක් Featured

    ජූනි 27, 2014

    ලොව අතිශයින් ජනප්‍රියත ම සංචාරක වෙබ් අඩවිය වන ට්‍රිප් ඇඩ්වටයිසර් මගින් ලක්සල ආයතනයේ පාරිභෝගික සේවය, ඔවුන්ගේ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන්වලට මුල්තැන දීම හේතුවෙන් විශිෂ්ටතම 2014 සම්මානය පිරිනමා ඇත.


    ට්‍රිප් ඇඩ්වටයිසර් වෙබ් අඩවියට මසකට පැමිණෙන ග්‍රාහකයින්ගේ සංඛ්‍යාව දශලක්ෂ 260කට ආසන්නය.කලක් පාඩු ලබන ආයතනයක්ව තිබූ ලක්සල එහි සභාපති ලෙස අනිල් කොස්වත්ත මහතා පත්වීමත් සමඟ ම නවීකරණයට ලක් වෙමින් දේශීය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමියා බවට පත්විය. වාණිජ වශයෙන් වටිනා සමාජ වගකීම මැනවින් හඳුනා ගත් ලක්සල ආයතනය අන්තර්ජාල මිලදී ගැනීම සඳහා ලක්සල වෙබ් අඩවිය මගින්ද පහසුකම් සලසා ඇත.

    ලක්සල ලැබූ සම්මාන සහතිකය ඊයේ (26) ආර්ථික සංවර්ධන අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතා ගේ ඇගයුමට ලක් විය. උද්භිද උද්‍යාන සහ පොදු විනෝදාත්මක පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ සහ ලක්සල සභාපති අනිල් කොස්වත්ත යන මහත්වරු ද එම අවස්ථාවට එක්වී සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya