සිය සංවත්සර දින නව ගිණුම් ආරම්භ කරනු ලබන ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් වටිනා තිළිණ ප්‍රදානය කිරීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත.
ඒ අනුව මේ මස 01වන දින සිට මහජන බැංකු ශාඛාවකට ගොස් රුපියල් 5,000,රුපියල් 10,000, රුපියල් 25,000 හෝ රුපියල් 50,000 අවම මූලික තැන්පතුවලින් ආරම්භ කරන සන්නම් සහිත හෝ රහිත ඕනෑම ඉතුරුම් ගිණුමක් සඳහා තිළිණ ලබාදීමට කටයුතු යොදා ඇති බව මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු) රේණුකා ජයසිංහ මහත්මිය පැවසුවාය.
ECB