නොවැම්බර් 28, 2020
tami eng youtube  twitter facebook

    අපොස උසස් පෙළ විභාගය අගෝස්තු 05 සිට Featured

    ජූනි 27, 2014

    මෙම වසරේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය ලබන අගෝස්තු මස 05 වන දින ආරම්භ වී 29 වන දින අවසන් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.


    එමෙන් ම ලබන අගෝස්තු මස 17වන දින 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට ද විභාග දෙපාර්තමේන්තුව මගින් සැලසුම්කර ඇත. 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙවර අයදුම්කරුවන් 334,662 දෙදෙනෙකු පෙනී සිටීමට නියමිතව තිබේ.


    මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 234,197 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර, පෞද්ගලික අයදුම්කරුවන් 62,134 දෙනෙකු ද එම විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.උසස් පෙළ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍ර ජුලි 10 වැනිදාට පෙර අයදුම්කරුවන් වෙත තැපැල් කර හැරීමට පියවර ගෙන ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya