අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාදාමය ඒ.එච්. එම් අස්වර් මැතිතුමාගේ පැසසුමට Featured

    මාර්තු 29, 2014
     
     

    පෙර පැවැත් වූ ආකාරයටම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉතාමත් සංවිධානාත්මකව මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු යොදා තිබීම පිළිබඳ ඉතා සතුටට පත්වන බවත් ඒ සඳහා වෙහෙස මහන්සි වූ සැමට ස්තූතිවන්ත වන බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පවසයි.

     

    රේඩියෝ නාලිකා 20ක් සහ රූපවාහිනී නාලිකා 9ක් සහිත ‍ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවතින මාධ්‍ය මධ්‍යස්ථාන දැකබලා ගැනීමට මීට ටික වේලාවකට පෙර පැමිණි අවස්ථාවේ ඒ මහතා එසේ ප්‍රකාශ කළේ වත්මන් ලෝකයේ දියුණුම තාක්ෂණය උපයෝගීත්වයෙන් සිදු කෙරෙන මාධ්‍ය මෙහෙවර ඉතා විශිෂ්ට බවයි.

     

    ඉන්දියාවේ මැතිවරණ ප්‍රතිඵල මාසයක් ප්‍රමාද වී නිකුත් කිරීමත් අපේ රටේ මැතිවරණ ප්‍රතිඵල මැතිවරණය පැවැත් වී පසුදින නිකුත් කිරීමට හැකිවීමත් අප ලැබූ දියුණුවක් බවයි අස්වර් මහතා සඳහන් කළේ.

     

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ අත්සනින් යුතුව විනාඩි දෙකක් වැනි සුළු කාලයකින් ලංකාවාසීන්ට පමණක් නොව ලෝකවාසීන්ටද එම ප්‍රතිඵල දැක බලා ගැනීමට හැකිවන අතර එසේම  සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම රජයේ නිල වෙබ් අඩවි 3 ඔස්සේම ප්‍රතිඵල දැකබලා ගැනීමට හැකිවන බවද හෙතෙම තවදුරටත් පැවසීය.

    JR

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya