මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කිරීමට සියලු පහසුකම් සලසා තිබෙනවා Featured

    මාර්තු 29, 2014
    2014 බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල ලත් සැණින් මාධ්‍ය වෙත ලබාදීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ සියලුම විධි විධාන යො‍දා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වසන්තප්‍රිය රාමනායක මහතා පවසයි.
     
    ඒ අනුව මේ වන විටත් සජීවි මැතිවරණ ප්‍රතිඵල ලබාදීම සඳහා සියලු රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකා ඔවුන්ගේ විකාශන කටයුතු සඳහා වන මූලික කාර්යන්ද සිදු කෙරෙමින් පවතින බවද ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 
     
    ඒ අතරම පුවත්පත් සඳහා මැතිවරණ ප්‍රතිඵල ක්ෂණිකව ලබාදීම සඳහා ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලය යුහුසුළුව ක්‍රියාත්මක වීමට සුදානමිනි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසන්නේ අන්තර්ජාල සම්බන්ධතා සඳහා වන පහසුකම්ද සපයා තිබෙන බවයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya