අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානවල පැවැත්ම සහතික කෙරේ

    ජූනි 26, 2014
    ග්‍රාමීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානවල පැවැත්ම සහතික කිරීම සඳහා පියවර රැසක් ගෙන ඇතැයි විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා ප්‍රකාශ කරයි.
     
     
    ඒ අනුව නැණසල මධ්‍යස්ථානවල නියාමනය, ප්‍රගතිය ඇගයීම හා පැවැත්ම සඳහා අවශ්‍යය සහය ලබාදීම දිස්ත්‍රික් සංවර්ධන කමිටු වෙත පැවරෙන බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා පෙන්වා දෙයි.
     
    අම්පාර දිස්ත්‍රික්කයේ නැණසල සහ ‘මිස්සක ඉ - නැණපියස’ මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් අමතමින් මේ බව සඳහන් කළ ලේකම්වරයා ඉදිරියේදී මෙම මධ්‍යස්ථානවල සියලු ම අඩුපාඩු සකස් කිරීමට පුළුල් වැඩපිළිවෙළක් අමාත්‍යංශය විසින් දැනටමත් ක්‍රියාවට නංවා ඇතැයි ද පෙන්වා  දුන්නේය.
     
    ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව උපරිම ලෙස ඉහළ නැංවීම නැණසල සහ මිස්සක ඉ - නැණපියස මධ්‍යස්ථානවල අරමුණයි.
     
    එමෙන් ම රජයෙන් ලබාදෙන පුරවැසි සේවාවන් අන්තර්ජාලය ඔස්සේ ග්‍රාමීය ජනතාවට  ලබා දීමටද මෙම තාක්ෂණ මධ්‍යස්ථාන භාවිතා කරන බව ගෝඨාභය ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
     
    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙම දිස්ත්‍රික් තොරතුරු තාක්ෂණ කතිකාව සංවිධානය කර තිබිණි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya