අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු ආකාරයේ ඉන්ධන හිඟයක් ඇති නොවේ

    ජූනි 26, 2014
    බෝයාවේ සිට බොරතෙල් ලබා ගැනීමේ රබර් නලයක් පසුගිය මැයි 25 දින පුපුරා යාම නිසා තෙල් ගබඩා වලට බොරතෙල්  ලබා ගැනීමට නොහැකි වීමෙන් තෙල් පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නවතා ඇති බවත් එහි වාර්ෂික නඩත්තු කටයුතු මේ දිනවලදී සිදු කරන බවත් මසකට අවශ්‍ය සියලු ඉන්ධන ගබඩා වල ඇති බවත් කිසිදු ආකාරයේ ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති ඛනිජ තෙල් කරමාන්ත ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
    මෙම පුපුරා ගිය රබර් නලය විදේශ සමාගම් කීපයකද සහය ඇතිව අලුත්වැඩියා කටයුතු සිදු කරන අතර දින 10ක පමණ කාලයකින් තෙල් පිරිපහදුව විවෘත කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා මෙහිදී පැවසීය. 
     
    රටට අවශ්‍ය ඉන්ධන 2/3 ප්‍රමාණයක් නිමිතෙල් වශයෙන් ආනයනය කරන බැවින් කිසිදු ආකාරයේ ඉන්ධන හිඟයක් ඇති නොවන බවද ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ඉන්ධන ලබා ගැනීමේ දිගුකාලීන උපාය මාර්ග වලට යොමුවීම නිසා 2014 වර්ෂයේ මුල් මාස 04 තුළ රුපියල් බිලියන 1.2ක මෙහෙයුම් ලාභයක් ලබා ඇති බවත් ඉදිරියේදී ප්‍රමිතිගතව පරිසර හිතකාමී ලෙසට ඩීසල් ලබා දීමේ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් පැවසීය.
    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya