මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින ගිවිසුම් 03කට අත්සන් කරයි

    ජූනි 26, 2014
    ශ‍්‍රී ලංකා රජය සහ මාලදිවයින් රජය අතර ද්විපාර්ශ්වික සහයෝගීතා ගිවිසුම් 03ක් ඊයේ (25) සවස මාලේ නුවර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම් (Abdulla Yameen Abdul Gayoom) මැතිතුමා හමුවේ අත්සන් තැබිණි.
     
    සෞඛ්‍යය ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලද්දේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මාලදිවයින් හි සෞඛ්‍යය හා ස්ත‍්‍රී පුරුෂභාවය පිළිබඳ ඇමතිනී මාරියාම් ශකීලා (Mariyam Shakeela) මහත්මිය විසිනි. සෞඛ්‍යය ක්ෂේත‍්‍රයේ විශේෂඥ සහ පුහුණු කාර්ය මණ්ඩල හුවමාරුව, හෙද පුහුණුව සහ උපදේශක සේවා සැලසීම එමඟින් අපේක්ෂා කෙරේ. 
     
    දෙවැනි අවබෝධතා ගිවිසුම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ මාලදිවයින් හි ආර්ථික සංවර්ධන අමාත්‍යංශය අතර ගිවිසුමකි. දෙරට අතර ආයෝජන ප‍්‍රවර්ධනය එහි මූලික අරමුණ වෙයි. ඊට අත්සන් තබන ලද්දේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මාලදිවයින් හි ආර්ථික සංවර්ධන අමාත්‍ය මොහොමඩ් සයීද් (Mohamed Saeed) මහත්වරුන් විසිනි. 
     
    සෙවීම් සහ බේරා ගැනීමේ සේවා සම්බන්ධීකරණය සඳහා වූ තෙවැනි ගිවිසුමට මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මාලදිවයින් විදේශ ඇමතිනී දුන්යා මවුමූන් (Dunya Maumoon) මහත්මිය අත්සන් කළහ. මුහුදේ දී විපතට පත් වන අය සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ කාර්යයන් සම්බන්ධීකරණය ඉන් ආවරණය කෙරේ.
     
     DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya