අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අළුත්ගම හා බේරුවල හානි වු දේපල ප්‍රතිසංස්කරණයට මිලියන 200ක්

    ජූනි 26, 2014
    අළුත්ගම, බේරුවල, දර්ගා නගරය, කළුතර හා වැලිපැන්න ප්‍රදේශවල පසුගිය දිනවල ඇති වු නොසන්සුන්තාවය නිසා හානි වු දේපල නැවත ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 200ක් රජය විසින් ලබා දී ඇතැයි නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා පවසයි.
     
    රුපියල් මිලියන 150ක් ශ්‍රී ලංකා යුධ හමුදාවට ද, ඉතිරි රුපියල් මිලියන 50 කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාටද ලෙස මෙම මුදල් වෙන් කිරීම සිදු කොට ඇත.
     
    හානි වු නිවාස, ව්‍යාපාරික ස්ථාන හා පොදු ස්ථාන ඉදිකිරීමේ කටයුතු හෙට (27) සිට ආරම්භ කොට මසක් ඇතුළත අවසන් කරන බව ශ්‍රී ලංකා යුද හමුදාවේ බටහිර ආඥාපති මේජර් ජනරාල් යු.ඒ.බී. මැදවෙල මහතා පවසයි.
     
    මේ සඳහා යුද, ගුවන් හා නාවික කණ්ඩායම් 11ක් යොදවා ඇති අතර නිලධාරීන් 15ක් හා සෙසු නිලධාරීන් 700කින් මෙම කණ්ඩායම සැදුම්ලත් වේ.
     
    අද (26) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වු අතර මෙම අවස්ථාව සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න, වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයින්, පොලිස්, ත්‍රිවිධ හමුදා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගි වුහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya